coconut tree

විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.Continue Reading

UNHRC

පසුගිය 12 වසරක් පුරා ලංකාවේ මානව හිමිකම් හා සාමය ගොඩනැගීම නමින් ලබාගත් වැටුප්, දීමනා, සංචාර සඳහා වූ වියදම් කොපමණ ද? මේවා හෙළිදරව් කිරීමට මෙම ආයතනවලට ධෛර්යය තිබේ ද? ඒ වියදම් සාධාරණීකරණය කළ හැකි ප්‍රතිඵල දර්ශක ආදිය මොනවා ද? ප්‍රතිඵල නොමැති නම් මෙකී මානව හිමිකම් ව්‍යාපෘති තව දුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද? ඒවා සම්බන්ධයෙන් තිබෙන වගවීම කුමක් ද? සරලව ඇසුවොත්, ලංකාවේ වගවීම ප්‍රශ්න කරන ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?Continue Reading

Bhagya Aberathne

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි. Continue Reading

Hiroshima Park public toilet

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.Continue Reading

UNHRC

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය. Continue Reading

පසුගිය සතියේ අප ගමන් කළ වෑන් රියේ පසුපස ටයර් හොඳටම ගෙවී තිබිණි. රියදුරු රාජා සමග කතාකරන අතර ඔහු කීවේ එය මේ මාසයටම ඔහු ගිය එකම හයරය බවයි. ලීසිං වාරිකය ගෙවීම සඳහා ඔහු කරන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ පාර අයිනේ තබාගෙන බිත්තර විකිණීමයි. ගෙවුණු ටයර් සහිත වාහන ඇල්ලීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානවලට උපදෙස් දීContinue Reading

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පරිසරය වනසනු ලබන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුවේ. එය බොරුවක් නොවන බව ද පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දසවැදෑරුම් ප්‍රතිපත්ති අතරින් නවවැන්න වන්නේ තිරසාර පරිසර කළමනාකරණයයි. එහි මෙසේ දැක්වේ: “අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයක් මෙන්ම සියලු වනාන්තරContinue Reading

Bhagya Aberathne

පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන කරන ප්‍රකාශය වැදගත්ය: “හෙක්ටෙයාර් එකකට වැඩි පෞද්ගලික වනාන්තර ඉඩමක දැව හෙළීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි. ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම්, ඉඩමේ වපසරිය නොබලා පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි.”Continue Reading

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.Continue Reading