“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.Continue Reading

national flags of countries

චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි. Continue Reading

handwashing

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි. Continue Reading

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත. Continue Reading

Sri Lanka Burqa

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය. Continue Reading

A purple flower dropped under a tree

නිවසේ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන්, කොවිඩ්-19 හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතා සංකීර්ණ ක්‍රමයකි. නිවසකදී ස්වාභාවික මරණයක් සිදුවුවහොත් දැන් කළයුතු වන්නේ පළමුවෙන්ම අදාළ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ගොස් මරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. Continue Reading

masked man

මෙම වීඩියෝව බලන්න. එහි තිබෙන්නේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයෙන් අනුප්‍රාණය ලබා මැලේසියාවේ ජිහාඩ් කණ්ඩායමක් නිර්මාණය කරන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කරන ලද අහමඩ්ගේ කතාවයි. අප එය ඔබ සමග බෙදාගන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ පසුබිම ද බොහෝ දුරට මෙවැනි ආකාර නිසාය. දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්Continue Reading

oil palm cultivation in Matugama

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ. අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින්Continue Reading

Covid-19 and sex

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.Continue Reading