මුලින්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ආවේය. ඉන්පසුව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ඉදිරිපත් කෙරිණි. රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ) පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA), විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙන්ම වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සඳහා වන සංශෝධන යනාදී වශයෙන් මෙම නීති කෙටුම්පත් නොනැවතී ගලා එයි. මේ සියල්ල විශ්ලේෂණය කිරීමට කාලය හා සම්පත් ඇත්තේ කාට ද? පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කිරීමට ලබා දී ඇත්තේ සති දෙකක කාලයකි. එම කෙටි කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින්, මේ ගලා එන නීති ප්‍රවාහය නිසා නිදහසට එල්ල වන අවදානම අවම කිරීමට පියවර ගත හැක්කේ කාට ද?Continue Reading

විහාරමහාදේවි උද්‍යානයේදී සිය හැට්ටය අස්සට ලිපියක් දැමීමේ සිදුවීම පිළිබඳ කාන්තාවකගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති සරාගිකකරණය වූ (sexualized) උපහාසය, වත්මන් දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීවාදී කතිකාව මුහුණ දී ඇති දෘෂ්ටිවාදී අර්බුදය මනාව නිරූපණය කරයි. උපුල් ශාන්ත සන්නස්ගල වැනි ප්‍රසිද්ධ චරිත සහ ආණ්ඩු හිතවාදීන් විසින් කාන්තාවකගේ දේශපාලනික ප්‍රකාශනයක් ඇයගේ ශරීරය කේන්ද්‍ර කර ගනිමින් අවතක්සේරුවට ලක් කිරීම, ලාංකීය සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පීතෘමූලිකත්වයේ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ (GBV) පැහැදිලි මනෝවිද්‍යාත්මක ප්‍රකාශනයකි.Continue Reading

1970 දශකයේ ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු පරපුරට ආහාර හිඟය පිළිබඳ මතකයන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ආහාර සලාක, පාන් පෝලිම්, ආනයන සීමා සහ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය එකල ජීවිතයේ කොටසක් විය. අද රටේ දේශපාලන, රාජ්‍ය හා පෞද්ගලික අංශවල විවිධ වගකීම් දරන බොහෝ දෙනකු ඒ අත්දැකීම් ලැබූ දරුවන්ය. එම පරපුරේම සාමාජිකයකු වන මේ ලේඛකයාට ද ඒ අතීතය පෞද්ගලිකව සිහිපත් කළ හැකිය. 1973–1974 කාලයේ ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ඉහළ යාම සහ විදේශ විනිමය හිඟය ද එම තත්ත්වය තීව්‍ර කළේය.Continue Reading

ඉදිරි වසර තුන තුළ මතු විය හැකි ලෝක ආහාර හිඟය සහ දිනෙන් දින වැඩි වන දේශගුණික තර්ජන නිසා රටේ ආහාර සුරක්ෂිතතාව, විදේශ සංචිත සහ ආර්ථික ස්ථාවරත්වය අවදානමකට ලක් විය හැකිය. තවත් අර්බුදයක් හට ගැනීමට පෙර ශ්‍රී ලංකාව තම ගොවිබිම්, ආහාර සැපයුම සහ විදේශ සංචිත ආරක්ෂා කර ගත යුතුය.Continue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) මෑතකදී ඩීසල් සඳහා ගෙවූ ඉහළ මිල ගණන් මගින් පෙන්නුම් කරන පරිදි, සැපයුම සීමා සහිත වුව ද, සැපයුම්වල මිල ඉතා අධික වුව ද, අපේ ආර්ථිකය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. ඉන් අදහස් වන්නේ ජනතාවට ආහාර තිබිය යුතු බව සහ දේශීය හා අපනයන යන දෙඅංශයේම සැපයුම් දාම සුරක්ෂිත කළ යුතු බව ය. මේ සඳහා ඩීසල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk ඥානසාර හිමිගේ සිවුරු ගැලවීම, භික්ෂු විනය හා බන්ධනාගාර නීතිය අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk බෞද්ධ භික්ෂුවකගේ උපසම්පදාව (මහණකම) අහිමි වීම සහ සිවුරු හැරවීම සම්බන්ධයෙන් භික්ෂු විනය තුළ මෙන්ම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ද පැහැදිලි නීති රීති පවතී. විශේෂයෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරගත කිරීමත් සමඟ මෙමContinue Reading

IMF

ආර්ථික ස්ථායීකරණය මගින් ආර්ථිකය බේරා ගන්නා ලදි. දැන්, පුළුල් පරිවර්තනයක් හරහා එය වර්ධනය කළ යුතුව තිබේ. ණය ශ්‍රේණිගත කිරීම් ද දැන් ඉහළ ගොස් ඇත. මේ මොහොතේ ශ්‍රී ලංකාව කළ යුත්තේ, එම ස්ථායීතාව, ආයෝජන, අපනයන, රැකියා සහ ආර්ථික ස්වාධීනත්වය බවට පරිවර්තනය කිරීමයි.Continue Reading

රටකට අනාගතය කරා ගමන් කළ හැක්කේ අතීත වැරදිවලට දඬුවම් කර හෝ සමාව දී හෝ නිවැරදි කරගෙන ඉදිරියට යාමෙනි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දිය යුත්තේ හුදෙක් දේශපාලනිකවම නොවේ. සමාජමය මානුෂිකත්වයකිනි.Continue Reading

මං හිතන්නෙ මේක මේ අලුත් පරම්පරාවල දැනටමත් මුල් බැසගෙන තියෙන අදහසක්. මේක මට අපේ ළමයින්ගෙනුත් දැනිලා තියෙනවා.

අපේ පරම්පරාවල මව්පියන් හිතුවේ, හැසිරුණේ ඒ අය අපව ලෝකයට ජනිත කිරීමෙන් කර තිබෙන්නේ මාර වැඩක්ය කියාය. ඒ නිසා අප ඔවුන්ට ණයයි කියාය. ඒ නිසා අපි අද මේ මොහොතේත් අපේ දැන් වයෝවෘද්ධ මව්පියන්ට උපස්ථාන කරන්නෙමු. (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)Continue Reading

1983 ජූලි මාසයේ ඇති වූ වාර්ගික සංහාරයේදී, දෙමළ ජනතාවගේ නිවාස හඳුනාගෙන පහර දීම සඳහා මැතිවරණ නාමලේඛන භාවිත කර ඇති බව මෑතකදී ප්‍රකාශ විය. නම, ලිපිනය මෙන්ම උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවා සොයා ගත හැකි ජාතික හැඳුනුම්පත් අංකය වැනි ‘පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු’ (Personally Identifiable Information, PII) විශාල ප්‍රමාණයක් මැතිවරණ නාමලේඛනවල අන්තර්ගත වේ. මෙම තොරතුරු රැස් කරන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණි (ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරන දහස් ගණන් රාජ්‍ය නිලධාරීහු මෙහි ප්‍රධාන පරිශීලකයෝ වෙති). එහෙත්, වෙනත් බොහෝ පිරිසකට ද මෙම නාමලේඛනවල පිටපත් ලබා ගැනීමට හැකියාව ඇත.Continue Reading