අරු‍ණෝදාකරුවෝ #Dawnbreakers

රු950.00

2022 මැයි 9 දිනයේ ලංකාවේ දේශපාලන පසුබිම පාදක කරගත් අලුත්ම නවකතාව

SKU: 9789553691026 Category:

Description

2022 මැයි 9 දිනයේ ලංකාවේ දේශපාලන පසුබිම පාදක කරගත් අලුත්ම නවකතාව සම්පූර්ණයෙන්ම පරිකල්පනයකි. මෙහි ඇති දින වකවානු, සිදුවීම් හා පුද්ගල නාම ඇතැම් භෞතික තත්වයන් සමග සමපාත විය හැකිය. එහෙත්, ඒ කිසිවක් එම තත්වයන් සමග යථාර්ථවාදී සම්බන්ධයක් නොමැති බවත්, පරිකල්පනීය සාහිත්‍යමය සම්බන්ධයක් පමණක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. එහෙත්, එය එකී අරගලය පිළිබඳ කතාවකි.

එක පාරටම ආධාරකරුවන් පොකුරක්ම ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත්තා. පසුබිමෙන් ඇසුණු සියුම් සංගීත රාවය යටපත් කරගෙන “මේක තමයි වෙලාව…. ගෝල් ෆේස් යන්න…..” යි කවුරුදෝ පිරිසක් ගායනා කරනවා ඇහුණා.

මහින්ද ඉවතට යන්නට නැගී සිටියා. ඔහුගේ ආරක්ෂකයන් පවුරක් සේ ඔහු වටා සිටගත්තා. ඔහු අත වනා ආචාර කරමින් පිටත් වන විට සෙනග ඈත් වී ඔහුට ඉඩ දුන්නා. අත්පොළසන් හා ජයවේවා යි නගන මහා ප්‍රීති ඝෝෂාවෙන් ශාලාව පිරී ගියා.

“මෙතන ඉඳන් තත්වය වෙනස් වෙනවා,” යි ළග සිටි කවුරුදෝ කොඳුරනවා ඇහුණා. තවත් බොහෝ හඬවල් ඒ බව අනුමත කරනු ඇහුණා.

“එහෙම වෙයිද?” ඒබී සිතුවා. ඔහුගේ දෑස් කුඩා වෙමින් නළල රැලි ගැනුණා. “මේ ඕනෑවට කලින් ජය සැමරුවක්ද?”

ප්‍රීතිඝෝෂා අඩු වෙනකොට ඒබීට ආධාරකරුවන් ගැන අමුතු ආදරයක් ඇති වුණා. ඒත්, ඔහුගේ හදවතේ යම් සැක සංකාවන් ද තිබුණා. ඔහුගේ බාහිර සන්සුන්කම ඇතුළෙ සැඟවී තිබුණෙ කැළඹුණු මනසක්. ඔහු හැම වචනයක්ම, ඉඟියක්ම අධ්‍යයනය කළා. එළියට පෙනෙන්නට තිබුණු රාජ්‍ය තාන්ත්‍රික නර්තනයන් පසුපස පෞද්ගලික බල තරගවල සියුම් ජාලයන් විහිදී තිබුණා.

දැඩි උණුසුම තුළ මුසු වුණ දහදියේත්, උද්‍යෝගයේත් සුවඳ ඉව නිසා වායුගෝලයත් උකු වෙලායි තිබුණෙ. සෙනග ඊළඟ චලනය ආරම්භ කරමින් තිබුණා. ගාලු මුවදොරට පෙළපාලියෙන්. නායකයාව ලෙහෙසියෙන් බලයෙන් පහ කළ නොහැකි බවට ලෝකයට පණිවුඩයක් දෙන්නටයි ඔවුන්ට උවමනා වෙලා තිබුණෙ.

“ආනන්ද, ඔයා ඉස්සරහින්ම යන්න ඕනැ.” සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා කිව්වා. ඔහුගේ දෑස් විශ්වාසයෙන් බැබලුණා. ඔහුගේ ශක්තිමත් අතක් ඒබීගේ උරය මත මොහොතකට රැඳුණා. දිරිමත් කරන්නට කළ ඒ උණුසුම් ස්පර්ශය තුළ ඒබීට අවදානමක බරකුත් දැනුණා.

“ඔයා එන එක අපට හයියක්,” කියලා ඝෝෂාව මැදින් පැහැදිලිව ඇසුණු ගැඹුරු, උනන්දු වෘත්තීය සමිති යකඩ හඬින් කිව්වේ මහින්ද කහඳගමගේයි. “ජනතාව ඔයා විශ්වාස කරනවා.”

ඒබී දෙන්නා එක්කම මඳ සිනා පෑවා මිස කිසිවක් කීවේ නැහැ. ඔහුගේ තදින් පියවුණු දෙතොල් ලිහී කිසිදු පොරොන්දුවක් පිටවුණේ නැහැ. තමන් තුළ කැළඹෙන අවිනිශ්චිතභාවයේ හැඟීම් සඟවා ගත හැකි දේශපාලන වෙස් මුහුණක් ඔහු සතුව තිබුණා. ඔහුගේ මනස යොමු වුණේ සයුරෙන් එහා දුරු රටක් වෙතයි.

“ටයිනි මේකට කීයටවත් කැමති වෙන්නෙ නැහැ,” ඔහු තමන්ටම මුමුණා ගත්තා. අද උදෑසන ඇය ඔහුගෙන් ඉල්ලා සිටි දේ ඔහුට සිහිපත් වුණා. ඇගේ වදන් ඔහුගේ දෙසවන රැව් පිළිරැව් දුන්නේ ඔහු වටා නැගෙන ඝෝෂාව මැඩගෙන. දුරකථනයෙන් කතා කරමින්, ඇය බිඳුණු හඬින් මුත් දැඩිවම ඉල්ලා සිටියේ ආපසු හැරෙන ලෙසයි. වෙනස් වෙමින් ඇති සුළං දිශානතිය ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැති වෙනත් අය විසින් පාදනු ලබන මග නොගන්නා ලෙසයි.

“යන්න එපා, අප්පච්චි.” ඇගේ අභියාචනය සයුරෙන් එතෙර සිට පවා බලවත්ව නැඟුණා. “මේක නෙමෙයි හරි පාර. ඒක තේරුම් ගන්න.”

ඇගේ හෘදය සාක්ෂියෙන් නිරූපණය වුණේ, ඔවුන් සිතන විදියට, රට බංකොලොත් කළ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා සිටින අරගලයේ හඬයි. ඒ අතර, ඒබී මැදි වී සිටියේ පැරණි ක්‍රමයේ ආරක්ෂකයන්ට තවදුරටත් බලයේ එල්ලී සිටින්නට බල කරන මිනිසුන් පිරිසකට. 

ඒබී මොකක්ද කළේ? ඒබීට මොකක්ද වුණේ? අරුණෝදාකරුවෝ කියවන්න.

Additional information

ISBN

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “අරු‍ණෝදාකරුවෝ #Dawnbreakers”

Your email address will not be published. Required fields are marked *