මෙහෙමයි. ඊශ අද අමතර නයිට් ඩියුටියක්. පහට ලොකු කෙලීව ඇහැරවන්න ඕනැ ඉස්කෝලෙ යන්න. මං ඉතින් විනාඩි පහකින් කතාකරනවා කියල හිතාගෙන ඇහැ පියාගත්තා. අප්පට සිරි! පහයි විසිගානයි. කෙල්ලව ඇඳෙන් බිමට ඇදල දැම්මා බැනුං අහගෙන. “ඔයගොල්ලන්ට වෙන මොකුත් නොකරන එකේ වෙලාවට ඇහැරවන්නවත් බැහැ.”Continue Reading

අරුණෝදාකරුවෝ, 2022 අරගලය පාදක කරගත් කතාවක්. විදර්ශන සාහිත්‍ය තරගයේ දිගු ලැයිස්තුගත වූ නවකතා පොත් හතෙන් එකක්.Continue Reading

Octopus

පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash fiction වුණත්, මට නම් වැදගත් කතාව. ඕනැ ප්‍රබන්ධ සාහිත්‍යයක මට නම් වැදගත් කතාවම තමයි. කලාව බිහි වුණේ කතන්දරකාරයන් නිසා. කතාව තමයි කලාවේ උල්පත.Continue Reading

Suduru Aba

සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී ගිය මැදිවියේ කාන්තාවක වටා ගොඩනැගෙන සිදුවීම් මාලාවක් ඔස්සේ එම කාන්තාව තමන් කවුරුදැයි ගවේෂණය කරගන්නීය. තතාවේ අගභාගයට ළඟාවනවිට හෙළිදරව් වන්නේ එම කාන්තාවට අතීතය අමතක වීම හුදෙක්ම ඇගේ කතාව කීම සඳහා කතුවරියContinue Reading

Ariyawansa Abesekara

ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. Continue Reading

floods in Sri Lanka

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහගේ කෙටිකතාවක් මේ කතාවේ මාතෘකාවට දාලා තියෙන වදන් ටික මගෙ හිතට ආවෙ නෑබඩ සිල්වතා හින්දා. උන්දැ මගේ ලෝකෙ ඉතිරි වුණේ මං කලින් බැඳල හිටපු ඉන්දිකා හින්දා.  මේ පද ටික දාලා කවියක් හරි සිංදුවක් හරි ලියන්න දැන් වුණත් පුළුවන්. ආගම් විරෝධීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන්, දෙමළ ජාතිකවාදීන්, ඉස්ලාම් අන්තවාදීන් ඒකෙන් සතුටුContinue Reading