ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන කරළිය උණුසුම් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ‘සිවුරේ අයිතිය’ පිළිබඳ සංසිද්ධිය අරභයා රමිඳු ලක්ඛික පෙරේරා විසින් රචිත ලිපිය, මෙරට වත්මන් පාලක පක්ෂයේ න්‍යායාචාර්යවරුන් තුළ පවතින දෘෂ්ටිවාදී ව්‍යාකූලත්වය සහ ඓතිහාසික අන්ධභාවය මැනවින් නිරූපණය කරන්නකි. සාම්ප්‍රදායික ‘වම’ සහ ‘දකුණ’ පිළිබඳ යල්පැනගිය රාමුවක සිරවී සිටින ඔහු, පශ්චාත්-යුද සහ පශ්චාත්-පාස්කු ශ්‍රී ලංකාවේ සිදුව ඇති ගැඹුරු සුසමාදර්ශීය වෙනස්කම් (Paradigm Shifts) කියවා ගැනීමට අපොහොසත් වී තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රමිඳුගේ ප්‍රවාදයන් විසංයෝජනය කරමින්, නැගී එන සිංහල-බෞද්ධ දේශපාලන පෙළගැස්ම සහ ජවිපෙ ආණ්ඩුව මුහුණ දී සිටින සැබෑ දේශපාලන-ආර්ථික අර්බුදය විමර්ශනය කිරීමයි.Continue Reading

උදාහරණයක් ලෙස, “දේශපාලනිකව පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරයකු නිකුත් කරන රැඳවුම් නියෝගයක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවම වශයෙන් එක් විනිසුරුවරයකුට — වඩාත් සුදුසු වන්නේ මහාධිකරණ විනිසුරුවරයකුට — බලය පැවරෙන පරිදි පනතේ 26(3) වගන්තිය සංශෝධනය කළ යුතුය. එසේම, ස්වාධීන සමාලෝචන කමිටුව විසින් ගනු ලබන තීරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු වන අතර, අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඒවා වෙනස් කළ නොහැකි වන පරිදි පනතේ 30(8) වගන්තිය සංශෝධනය කළ යුතුය.”Continue Reading

සිංහලයාගේ විනාශයට කැමති ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල ගහණය අති විශාලය. විශේෂයෙන්ම දෘෂ්ටිවාදයන් හදන ඉංජිනේරුවෝ ඔවුහුය. මේ වන විට බලය ඇත්තේ ඔවුන් අතේය.Continue Reading

ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නො බලා
– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
ගෝල්ෆේස් අරගලය අවසන් වන විට අපි එය හඳුනාගෙන විග්‍රහ කළෙමු, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි දේශපාලනයක් විදියට.
අපි ඒ හඳුනා ගැනීම කළේ කාදිනල්ගේ සිට ඕමල්පේ හිමි, පාස්කු ත්‍රස්තවාදීන් හරහා LGBTIQ ප්‍රජාව දක්වා එහි සිදු වුණු පෙළගැසීමත් එක්ක ය.
මේ හැමෝම සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යය සමග දීර්ඝ කාලයක් තිස්සේ සම්මුතියෙන් මෙන්ම තරගකාරීව ද සිටි අය ය. මේ හැමෝම ඒ අධිපති බලවේගයත් එක්ක, එහෙම නැති නම් බහුතර බලයත් එක්ක ඇරියස් තිබුණු අය ය. හැබැයි ඔවුන්ට ඇරියස් පියවා ගැනීමෙන් එහාට අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකා රාජ්‍යය ගැඹුරු විපර්යාසයකට ලක් කිරීමේ හැකියාව තිබුණු එකම බලවේගය කොටි සංවිධානය පමණි.
ඒ නිසා අරගලයේ බලවේගවලට කළ හැකිව තිබුණු එකම දෙය අරාජකත්වයක් නිර්මාණය කිරීම පමණි.
වාමාංශික ලයින් එකේ අය එහි ඊට වඩා ගැඹුරක් දකින්නට කැමති වූහ. අප මෙන්ම ජවිපෙ ද එහි ලොකු ගැඹුරක් දැක්කේ නැත. එය බලය සඳහා වාහකයක් කර ගැනීමේ උවමනාවක් ද ඔවුන්ට ලොකුවට තිබුණේ නැත.
අරගලයේ ප්‍රතිඵලයක් විදිහට බලයට පැමිණි රනිල් යටතේ අත්‍යවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හොඳින් සිදු විය හැකිව තිබිණි.
මෙතැන දී ඉතාම තක්කඩි විදියට දේශපාලනයට මැදිහත් වුණු නායකත්වයක් තමයි අනුර කුමාර දිසානායක. ඔහු ඇත්තටම නියෝජනය කළේ ජවිපෙට වඩා ඉහත කී අරගලයේ බලවේග ය දැන් ඒ බව පැහැදිලිවම දකින්නට ලැබේ. ඒ අතර ඔහු ජවිපෙ ද තුලනය කරමින් නොමඟ යැව්වේ ය. මා හිතන විදිහට නම් කොයි තරම් මොළයක් වුණත් රනිල් ද රැවටුණේ ය.
අද වන විට ඔහු ඉතාම බයාදු ඇමරිකානු හා ඉන්දීය ගැත්තෙකි. ඒ විතරක් නො වෙයි ඔහු වට කරගෙන සිටින සමීප කවය බෝන් අගේන් ය. ඇතැම් ප්‍රධාන මෙහෙයුම්කරුවෝ LGBTIQ වෙති. වත්මන් මෙහෙයුම ක්‍රියාත්මක වන ස්වරූපයේ අර්ථය එහෙම තේරුම් ගන්න.
අරගලයෙන් පස්සේ අපි ඉතා පැහැදිලිව කිව්වෙමු, අරගලයේ බලවේගවලට අරාජකත්වය හැර අන් කිසිවක් නිර්මාණය කළ නො හැකි බව. ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍යය පවතින සැටියෙන් රැකගෙන ධනේශ්වර ප්‍රතිසංස්කරණ සමග සමාජමය වශයෙන් ද ක්‍රමානුකූල පරිවර්තනයකට ලක් කළ හැකි බව අපේ අදහස විය. ඇතැමෙකු මෙය ජාතිවාදය ලෙස දැක්කේ ය. එය ප්‍රශ්නයක් නැත. ජාතිවාදයට ප්‍රගතිශීලී වන්නට පුළුවන් වෙලාවල් තිබේ. එක වකවානුවක දෙමළ ජාතිවාදයට එහෙම විභවයක් තිබුණි. දැන් එය තිබෙන්නේ සිංහල ජාතිවාදයට ය. ජාතිවාදය කිව්වහම කැත වගේ පෙනෙනවා නම්, ඕනෑ නම් ජාතිකවාදය කියා කියන්න. ඔය කියන්නේ ඇති ලොකු වැදගත්කමක් නැත.
ශ්‍රී ලංකා රාජ්‍යයේ කොන්ද කැඩීම සඳහා පටවාගෙන ගිය බරෙහි අවසානයේ කොන්ද කැඩීමට ඉවහල් වූ පිදුරු ගස වන්නට ඇත්තේ ඥානසාර හිමිගේ සිවුර ය.
Continue Reading

President Anura at May Day rally

මෙම බල තණ්හාවේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, තෝරාගෙන කරන නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුළුමනින්ම නීතියට අනුකූල නොවන විමර්ශන හරහා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමයි. අධිකරණ ක්‍රියාමාර්ග සහ පොලිස් බලය සිය දේශපාලන ව්‍යාපෘතියේ අතකොළු බවට පත් කරගනිමින් ඔවුහු ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් වෙත යොමු වෙමින් සිටිති. ඔවුන්ට ඒ හැර වෙනත් විකල්පයක් ද නැත. මන්ද, බොරු පොරොන්දු මත ගොඩනැගූ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සන්දර්භයක් තුළ, සාධාරණ හා විවෘත මැතිවරණවලින් නැවත ජය ගැනීම ඔවුන්ට පහසු නොවන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. දශක ගණනාවක් පුරා විප්ලවය ගැන කතා කළ ජවිපෙ අද වන විට පැරණි ක්‍රමයේම අතිශය විකෘති වූ සහ භයානක දිගුවක් බවට පත්ව ඇත්තේ එලෙසිනි.Continue Reading

පශ්චාත්-යටත්විජිතවාදී න්‍යාය තුළ අතිශය වැදගත් චින්තකයෙකු වන ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක්, සිය “Can the Subaltern Speak?” (1988) නම් රචනය හරහා බටහිර අධිපතිවාදී කතිකාවන් සහ සමාජයේ අන්තයටම කොන් වූ ජන කොට්ඨාසවල හඬ නියෝජනය වීම පිළිබඳව ගැඹුරු විවේචනයක් ඉදිරිපත් කරයි. ඇයගේ මෙම න්‍යාය තේරුම් ගැනීමට නම්, ප්‍රථමයෙන් ‘නිර්ප්‍රභූ’ (Subaltern) යන්නෙහි අර්ථය අවබෝධ කරගත යුතුය.Continue Reading

Airbus

ගුවන් සේවා ඉතිහාසයේ දැවැන්තම සහ වඩාත්ම සංවිධානාත්මක ආයතනික දූෂණ වංචාවක් ලෙස සැලකෙන එයාර්බස් (Airbus SE) අල්ලස් ගනුදෙනුව, 2020 ජනවාරි මාසයේදී ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ලොව ප්‍රමුඛතම ගුවන් යානා නිෂ්පාදකයකු වන යුරෝපීය එයාර්බස් සමාගම, සිය ගුවන් යානා අලෙවිය ඉහළ නංවා ගැනීම සඳහා විවිධ රටවල නිලධාරීන්ට සහ තීරකයන්ට තෙවැනි පාර්ශ්වීය තැරැව්කරුවන් මාර්ගයෙන් අතිවිශාල ලෙස අල්ලස් ලබා දී ඇති බව මෙහිදී අනාවරණය විය.Continue Reading

1978 වසරේදී ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමත් සමඟ මෙරට දේශපාලන සහ පාලන ව්‍යුහය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවිය. අදටත් ශ්‍රී ලංකාවේ මූලික නීතිය ලෙස ක්‍රියාත්මක වන්නේ, ‘විධායක ජනාධිපති ක්‍රමය’ සහ ‘සමානුපාතික මැතිවරණ ක්‍රමය’ හඳුන්වා දුන් මෙම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.Continue Reading

සීසර් සහ පොම්පේ (Pompey) අතර වසර හතරක දරුණු සිවිල් යුද්ධයක් ඇති විය. අවසානයේදී, රෝම සමූහාණ්ඩුව බිඳ වැටී, අවසානයේ මුළු ඉතාලියම පාලනය කළ රෝම අධිරාජ්‍යය බිහිවීමට මඟ පෑදුණි. සීසර් රෝමයේ ජීවිතාන්තය දක්වාම සිටින “සදාකාලික ඒකාධිපතියා” බවට පත් විය.Continue Reading

Sri Lanka Credit Rating

ණය ගෙවීමට නොහැකි තත්ත්වයෙන් (Default) මිදීම සතුටට කරුණක් වුවද, අප මෙය අතිශයෝක්තියෙන් සමරන්නේ නම් එය මුලාවකි. ‘CCC+’ යනු රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවට දෙන සහතිකයක් නොවේ. ඉන් ජාත්‍යන්තරයට ලබාදෙන සංඥාව වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම තවමත් ඉහළ අවදානමක් සහිත (High Risk) බවයි. ආර්ථිකයේ සුළු හෝ කම්පනයක් ඇතිවුවහොත් නැවතත් අප අර්බුදයකට යාමේ ඉඩකඩක් පවතින බව අප වටහා ගත යුතුය.Continue Reading