තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.Continue Reading

දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් ‘ව්‍යවසායකයෙකි’. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු ‘බිස්නස්’ එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.Continue Reading

Jagath Manuwarna

ඔහුගේ පක්ෂය වන ජවිපෙ 2021දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෙන ආ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ මුදල් පනතට එරෙහිව අධිකරණයට ගියේය. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරයයි.

බැසිල් කරනකොට වැරදිය. මනුවර්ණ කරනකොට හරිය.Continue Reading

Sugar fraud of Sri Lanka, cartoon by Ajith Perakum Jayasinghe

කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ ලබා දෙන අතර එවැනි අත්පත් කරගත් වත්කම් කළමනාකරණය කිරීමට නව අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම නව පනත නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇතිContinue Reading

StAR

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading

Anuruddha Polgampola

අජිත් පැරකුම් ජයසිංහ අනුරුද්ධ පොල්ගම්පලව මට හමු වූ පළමු හා එකම වතාව පැලවත්ත කඳවුරේදීය. මා උසස් පෙළ විභාගය සඳහා වීරවිල සිට පැලවත්තට පැමිණ සිටි සමයේ ලොකු පොලා නමින් හැඳින්වුණ මෙම පුද්ගලයා පැලවත්ත කඳවුරේ තරමක් පීචං චරිතයක් වී සිටියේය. එයට හේතුව ඔහුගේ ලිංගික නැඹුරුවකි. කඳවුරේ සිටි රැඳවියෝ එය හෙළා දුටුවහ. එකලContinue Reading

Basil Rajapaksa

හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත. Continue Reading

Namal and Cabraal at St. Kitts

වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි. Continue Reading

Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.Continue Reading

Sugar fraud of Sri Lanka, cartoon by Ajith Perakum Jayasinghe

වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading