If you are separated or divorced, you may struggle all your life
Out of the 5.3 million households in Sri Lanka, 1.3 million or 24.3 per cent are headed by females. Most of these women are single, divorced, separated or unmarried.Continue Reading
Out of the 5.3 million households in Sri Lanka, 1.3 million or 24.3 per cent are headed by females. Most of these women are single, divorced, separated or unmarried.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ සංජීවනී ඉන්දිරා ජයසූරිය යනු හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියයි. අප මේ සටහන තබන්නේ ඇගේ කතාව මාතෘත්වය හා ජීවිතයේ තෝරාගැනීම් පිළිබඳ පුරාවෘත්තයක් නිසායි. (මෙම ලිපියත් කියවන්න: දැන් කැන්සර් හරියට උණ හෙම්බිරිස්සාව වගේ) බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධිධාරිනියක වන ඉන්දිරා 2016 නොවැම්බරයේදී මිය ගියේ 40වන වියේදීයි.Continue Reading
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි. Continue Reading
පිළිකාව බෝනොවන රෝගයක් උනාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුනා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?Continue Reading
රංජිත් දිසානායක විප්ලවවාදියෙකි. ඔහු බොහෝ විට පෙනී සිටියේ සමාජය වෙනස් කිරීමේ අරගලයේ ක්‍රියාධරයන්ගේ සුබසාධනය වෙනුවෙනි. එවැනි කටයුතුවලදී ඔහු තම අත ඇති හා තමන්ට සොයාගත හැකි මුදල් වියදම් කළේ ජනවහරේ එන හැටියට නම් ‘සුද්දා වගේය.’
ඒ උපමාව හැදුණේ ගැමියා සුදු ජාතිකයා දුටු ආකාරයෙනි.
එහෙත්, රංජිත් දිසානායක යනු දේශපාලන චරිතයකි.
‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යයි කියන මාතෘකාවම සාකච්ඡා තේමාවකි.Continue Reading
රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්. Continue Reading
මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා. Continue Reading
මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා. කොටින් ම හංදිය මැද්දෙ ඔර්ලෝසු කණුවෙ කටුවලත් කුරුල්ලන් වහනවා.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2021 අප්‍රේල් 4 ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිවContinue Reading
අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us