මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.

News Detail

ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද?

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා. එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද?

News Detail

ඔමික්‍රෝන් මොනවා කරයිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් B.1.1.529 නම් ගැටලු සහගත වෛරස් ප්‍රභේදය (VoC – Variant of Concern) ඔමික්‍රෝන් Omicron ලෙස නම් කර තිබේ. එය සිදුකරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මතය. මෙම ප්‍රභේදය ගැටලු සහගත වන්නේ එහි චර්යාවට බලපෑ හැකි යම් යම් විකෘති වීම් නිසාය.

News Detail

තවත් කොවිඩ් රැල්ලක් එයිද?

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.

News Detail

කෝවිඩ්-19 ඖෂධ ලංකාවට කවදා විතර එයිද?

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir නම් ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.

News Detail

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි.

News Detail

ලොක්ඩවුන් ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කරන්නට නිර්දේශ

2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.

News Detail

ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා

කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

News Detail

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.

News Detail

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද?

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

News Detail