රුවන්වැලි මහ සෑය හැඳින්වීම සඳහා ‘ස්මාරකය’ යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය හුදෙක් වචනයක අර්ථය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, ජාතික සංස්කෘතික අනන්‍යතාව සහ රාජ්‍ය ආයතන මෙන්ම දේශපාලන බලධාරීන් භාවිත කරන භාෂාව අතර පවතින සම්බන්ධය පිළිබඳ ගැඹුරු සංවාදයකි.Continue Reading

විහාරමහාදේවි උද්‍යානයේදී සිය හැට්ටය අස්සට ලිපියක් දැමීමේ සිදුවීම පිළිබඳ කාන්තාවකගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති සරාගිකකරණය වූ (sexualized) උපහාසය, වත්මන් දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීවාදී කතිකාව මුහුණ දී ඇති දෘෂ්ටිවාදී අර්බුදය මනාව නිරූපණය කරයි. උපුල් ශාන්ත සන්නස්ගල වැනි ප්‍රසිද්ධ චරිත සහ ආණ්ඩු හිතවාදීන් විසින් කාන්තාවකගේ දේශපාලනික ප්‍රකාශනයක් ඇයගේ ශරීරය කේන්ද්‍ර කර ගනිමින් අවතක්සේරුවට ලක් කිරීම, ලාංකීය සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පීතෘමූලිකත්වයේ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ (GBV) පැහැදිලි මනෝවිද්‍යාත්මක ප්‍රකාශනයකි.Continue Reading

1970 දශකයේ ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු පරපුරට ආහාර හිඟය පිළිබඳ මතකයන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ආහාර සලාක, පාන් පෝලිම්, ආනයන සීමා සහ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය එකල ජීවිතයේ කොටසක් විය. අද රටේ දේශපාලන, රාජ්‍ය හා පෞද්ගලික අංශවල විවිධ වගකීම් දරන බොහෝ දෙනකු ඒ අත්දැකීම් ලැබූ දරුවන්ය. එම පරපුරේම සාමාජිකයකු වන මේ ලේඛකයාට ද ඒ අතීතය පෞද්ගලිකව සිහිපත් කළ හැකිය. 1973–1974 කාලයේ ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ඉහළ යාම සහ විදේශ විනිමය හිඟය ද එම තත්ත්වය තීව්‍ර කළේය.Continue Reading

ඉදිරි වසර තුන තුළ මතු විය හැකි ලෝක ආහාර හිඟය සහ දිනෙන් දින වැඩි වන දේශගුණික තර්ජන නිසා රටේ ආහාර සුරක්ෂිතතාව, විදේශ සංචිත සහ ආර්ථික ස්ථාවරත්වය අවදානමකට ලක් විය හැකිය. තවත් අර්බුදයක් හට ගැනීමට පෙර ශ්‍රී ලංකාව තම ගොවිබිම්, ආහාර සැපයුම සහ විදේශ සංචිත ආරක්ෂා කර ගත යුතුය.Continue Reading

ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන කරළිය උණුසුම් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ‘සිවුරේ අයිතිය’ පිළිබඳ සංසිද්ධිය අරභයා රමිඳු ලක්ඛික පෙරේරා විසින් රචිත ලිපිය, මෙරට වත්මන් පාලක පක්ෂයේ න්‍යායාචාර්යවරුන් තුළ පවතින දෘෂ්ටිවාදී ව්‍යාකූලත්වය සහ ඓතිහාසික අන්ධභාවය මැනවින් නිරූපණය කරන්නකි. සාම්ප්‍රදායික ‘වම’ සහ ‘දකුණ’ පිළිබඳ යල්පැනගිය රාමුවක සිරවී සිටින ඔහු, පශ්චාත්-යුද සහ පශ්චාත්-පාස්කු ශ්‍රී ලංකාවේ සිදුව ඇති ගැඹුරු සුසමාදර්ශීය වෙනස්කම් (Paradigm Shifts) කියවා ගැනීමට අපොහොසත් වී තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රමිඳුගේ ප්‍රවාදයන් විසංයෝජනය කරමින්, නැගී එන සිංහල-බෞද්ධ දේශපාලන පෙළගැස්ම සහ ජවිපෙ ආණ්ඩුව මුහුණ දී සිටින සැබෑ දේශපාලන-ආර්ථික අර්බුදය විමර්ශනය කිරීමයි.Continue Reading

උදාහරණයක් ලෙස, “දේශපාලනිකව පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරයකු නිකුත් කරන රැඳවුම් නියෝගයක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවම වශයෙන් එක් විනිසුරුවරයකුට — වඩාත් සුදුසු වන්නේ මහාධිකරණ විනිසුරුවරයකුට — බලය පැවරෙන පරිදි පනතේ 26(3) වගන්තිය සංශෝධනය කළ යුතුය. එසේම, ස්වාධීන සමාලෝචන කමිටුව විසින් ගනු ලබන තීරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු වන අතර, අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඒවා වෙනස් කළ නොහැකි වන පරිදි පනතේ 30(8) වගන්තිය සංශෝධනය කළ යුතුය.”Continue Reading

මාලිමා ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව කිසිදු කලෙක සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමේ ශක්‍යතාවක් නොමැති බව අප පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් කරුණු පදනම් කරගෙන ය. මෙම ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබල අහිතකර ආර්ථික ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට රට පත් කරනු ඇත. මේ සමග ඇති රූප දෙක ඒ සඳහා සාක්ෂි වේ.Continue Reading

රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත (PTSB) සම්බන්ධයෙන් තීරණාත්මක කාලසීමාව ආරම්භ වී තිබේ. ඊට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත පෙත්සම් අතරින් පළමු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ. මානව හිමිකම් සුරැකීම කෙරෙහි මූලික අවධානය යොමු කරන බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ඉතා අයහපත් පනත් කෙටුම්පතක් බවයි. තම පක්ෂයේම සහෝදරවරුන් පවා පීඩාවට පත් කළ, දැඩි පිළිකුලට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට වත්මන් රජය මැතිවරණයේදී පොරොන්දු විය. එහෙත්, අතිවිශාල බහුතර බලයක් සහිත මෙම රජය එම මැතිවරණ පොරොන්දුව කඩ කිරීමෙන් අත්වන දේශපාලනික ප්‍රතිවිපාක භාර ගැනීමට දැන් තීරණය කර ඇති බව පෙනේ. මෙවැනි පසුබිමක් තුළ, මේ මොහොතේ අප හමුවේ ඇති ප්‍රායෝගික සහ යථාර්ථවාදී විකල්ප මොනවාද?Continue Reading

සිංහලයාගේ විනාශයට කැමති ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල ගහණය අති විශාලය. විශේෂයෙන්ම දෘෂ්ටිවාදයන් හදන ඉංජිනේරුවෝ ඔවුහුය. මේ වන විට බලය ඇත්තේ ඔවුන් අතේය.Continue Reading

ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නො බලා
– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
ගෝල්ෆේස් අරගලය අවසන් වන විට අපි එය හඳුනාගෙන විග්‍රහ කළෙමු, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි දේශපාලනයක් විදියට.
අපි ඒ හඳුනා ගැනීම කළේ කාදිනල්ගේ සිට ඕමල්පේ හිමි, පාස්කු ත්‍රස්තවාදීන් හරහා LGBTIQ ප්‍රජාව දක්වා එහි සිදු වුණු පෙළගැසීමත් එක්ක ය.
මේ හැමෝම සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රභූ ආධිපත්‍යය සමග දීර්ඝ කාලයක් තිස්සේ සම්මුතියෙන් මෙන්ම තරගකාරීව ද සිටි අය ය. මේ හැමෝම ඒ අධිපති බලවේගයත් එක්ක, එහෙම නැති නම් බහුතර බලයත් එක්ක ඇරියස් තිබුණු අය ය. හැබැයි ඔවුන්ට ඇරියස් පියවා ගැනීමෙන් එහාට අලුත් දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකා රාජ්‍යය ගැඹුරු විපර්යාසයකට ලක් කිරීමේ හැකියාව තිබුණු එකම බලවේගය කොටි සංවිධානය පමණි.
ඒ නිසා අරගලයේ බලවේගවලට කළ හැකිව තිබුණු එකම දෙය අරාජකත්වයක් නිර්මාණය කිරීම පමණි.
වාමාංශික ලයින් එකේ අය එහි ඊට වඩා ගැඹුරක් දකින්නට කැමති වූහ. අප මෙන්ම ජවිපෙ ද එහි ලොකු ගැඹුරක් දැක්කේ නැත. එය බලය සඳහා වාහකයක් කර ගැනීමේ උවමනාවක් ද ඔවුන්ට ලොකුවට තිබුණේ නැත.
අරගලයේ ප්‍රතිඵලයක් විදිහට බලයට පැමිණි රනිල් යටතේ අත්‍යවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හොඳින් සිදු විය හැකිව තිබිණි.
මෙතැන දී ඉතාම තක්කඩි විදියට දේශපාලනයට මැදිහත් වුණු නායකත්වයක් තමයි අනුර කුමාර දිසානායක. ඔහු ඇත්තටම නියෝජනය කළේ ජවිපෙට වඩා ඉහත කී අරගලයේ බලවේග ය දැන් ඒ බව පැහැදිලිවම දකින්නට ලැබේ. ඒ අතර ඔහු ජවිපෙ ද තුලනය කරමින් නොමඟ යැව්වේ ය. මා හිතන විදිහට නම් කොයි තරම් මොළයක් වුණත් රනිල් ද රැවටුණේ ය.
අද වන විට ඔහු ඉතාම බයාදු ඇමරිකානු හා ඉන්දීය ගැත්තෙකි. ඒ විතරක් නො වෙයි ඔහු වට කරගෙන සිටින සමීප කවය බෝන් අගේන් ය. ඇතැම් ප්‍රධාන මෙහෙයුම්කරුවෝ LGBTIQ වෙති. වත්මන් මෙහෙයුම ක්‍රියාත්මක වන ස්වරූපයේ අර්ථය එහෙම තේරුම් ගන්න.
අරගලයෙන් පස්සේ අපි ඉතා පැහැදිලිව කිව්වෙමු, අරගලයේ බලවේගවලට අරාජකත්වය හැර අන් කිසිවක් නිර්මාණය කළ නො හැකි බව. ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍යය පවතින සැටියෙන් රැකගෙන ධනේශ්වර ප්‍රතිසංස්කරණ සමග සමාජමය වශයෙන් ද ක්‍රමානුකූල පරිවර්තනයකට ලක් කළ හැකි බව අපේ අදහස විය. ඇතැමෙකු මෙය ජාතිවාදය ලෙස දැක්කේ ය. එය ප්‍රශ්නයක් නැත. ජාතිවාදයට ප්‍රගතිශීලී වන්නට පුළුවන් වෙලාවල් තිබේ. එක වකවානුවක දෙමළ ජාතිවාදයට එහෙම විභවයක් තිබුණි. දැන් එය තිබෙන්නේ සිංහල ජාතිවාදයට ය. ජාතිවාදය කිව්වහම කැත වගේ පෙනෙනවා නම්, ඕනෑ නම් ජාතිකවාදය කියා කියන්න. ඔය කියන්නේ ඇති ලොකු වැදගත්කමක් නැත.
ශ්‍රී ලංකා රාජ්‍යයේ කොන්ද කැඩීම සඳහා පටවාගෙන ගිය බරෙහි අවසානයේ කොන්ද කැඩීමට ඉවහල් වූ පිදුරු ගස වන්නට ඇත්තේ ඥානසාර හිමිගේ සිවුර ය.
Continue Reading