Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.Continue Reading

Sugar fraud of Sri Lanka, cartoon by Ajith Perakum Jayasinghe

වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහගේ කෙටිකතාවක් මේ කතාවේ මාතෘකාවට දාලා තියෙන වදන් ටික මගෙ හිතට ආවෙ නෑබඩ සිල්වතා හින්දා. උන්දැ මගේ ලෝකෙ ඉතිරි වුණේ මං කලින් බැඳල හිටපු ඉන්දිකා හින්දා.  මේ පද ටික දාලා කවියක් හරි සිංදුවක් හරි ලියන්න දැන් වුණත් පුළුවන්. ආගම් විරෝධීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන්, දෙමළ ජාතිකවාදීන්, ඉස්ලාම් අන්තවාදීන් ඒකෙන් සතුටුContinue Reading

ගීත යාදිනි බිහිවෙන්නට කලින් 1980 දශකයේ මුල හරියේ අසන්නට ලැබුණු අපූරු ගීතයක් මට අද යූටියුබ්හි සොයාගන්නට ලැබුණා. මා මේ ගීය ඇසුවේ එකල සවස හතරට පමණ වෙළඳ සේවයෙන් විකාශය වූ ක්‍රීඩා සංග්‍රහයෙන්. මේ ගීයේ පසුබිම ඒ වැඩසටහන මෙහෙයවූ සමන් අතාවුදහෙට්ටි දන්නවා ඇති. ඔහුටම ඒ ගැන ලියන්නට භාරකරනවා. පද රචකයා කවුරුද, සංගීතය කාගෙද කියාත් ඔහු දන්නවා ඇති. ගීතය මේකයි. ගායනය නීලා වික්‍රමසිංහ.Continue Reading

COVAX-Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 264,000ක් අඩංගු වෙනවා. ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් තිබේ. පෝලිම පැන එන්නත ලබාගත් ඇතැමුන්ගේත්,Continue Reading

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.Continue Reading

වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය. Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පහළ හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවසක් හා වීමෝලක් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් ඊයේ සිරස ප්‍රවෘත්තිවල පෙන්නුවා. එම ප්‍රවෘත්තියෙන් අපට සම්පූර්ණ කතාව දැනගන්නට හැකියාවක් නැහැ. එහෙත්, එය ඉතා වැදගත් නාට්‍යමය ජවනිකාවක්. එම ගැටුම සංවර්ධනය, රජයේ සේවය හා ජනතාContinue Reading

නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇතැම්විට එය මෙම පුවත්පතේ සංස්කාරක පිරිමින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විය හැකිය. එය ප්‍රශ්න නොකර පිළිගන්නා අයද ඒ හා සමාන ප්‍රශ්න තිබෙන අය විය හැකිය.Continue Reading

principals of Sri Lanka

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.Continue Reading