herd immunity

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි. Continue Reading

පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි: කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී.Continue Reading

Covid-19 Funeral

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?Continue Reading

Minister C.B. Rathnayaka

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට එන්නත් ලබාදුන් පසුව පවා ඔවුන්ට අමාරුකම් ඇතිවෙනවා. ඒත්, ඔවුන්ට ඒවා කියාගන්නට බැහැ. කෝවිඩ්-19 එන්නත නිසාත්, උණ, සීතල, හිසරදය, මහන්සිය, ඇඟපත රිදීම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම, ශරීරයේ එන්නත ලබාදුන් ස්ථානය රතුවීම හෝ එම ස්ථානයේ වේදනාව හෝ ඇතිවිය හැකියි.Continue Reading

Saliya Peiris, President, BASL

මේ සමග පළවන ඡායාරූපය අප අධිනීතීඥ සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන මෙහි පළ කළේ විශේෂ හේතුවක් මතය. නිකවැරටිය අධිකරණ භූමිය අසල පිහිටා ඇති මෙම නීතීඥ කාර්යාල විසින් නීති වෘත්තිය ගැන කතාවක් නිහඬව කියයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් මහතා ඒ පිළිබඳ සංවේදී විය යුතුය. නීති වෘත්තිය තුළ සිදුවිය යුතු සංවර්ධනයන් රැසක් තිබේ. Continue Reading

සමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.Continue Reading

Easter Sunday attack

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ. Continue Reading

black balloons at Sri Lanka High Commission in UK

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am SriContinue Reading

WHO COVID-19 dashboard - curve turning downward

තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය. Continue Reading

චීනය, කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මෙවැනි යෝජනා සම්මතයන් රැසක් දැනටමත් නොතකා හැරදමා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියත්, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට ලක්වෙනු ඇති. Continue Reading