Makandure Madush

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි. Continue Reading

Extremism

අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි. Continue Reading

Matugama

දැනට තිබෙන ආරංචි අනුව, හමු වී තිබෙන බොහෝ රෝගීන්ට සංකුලතා අවම ය. එහෙත්, රෝගීන් හා සමීප ආශ්‍රිතයන් පොදු ප්‍රවාහනය, කොටහලු මඟුල්, වන්දනා ගමන්, දාන මාන, වැඩිහිටි නිවාස ආදී අවදානම් සහගත සම්බන්ධතා රැසක් රෝගීන් විසින් පවත්වා තිබේ. මේ වන විට, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් කොවිඩ්-19 රෝගීන් සඳහා සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. අනුමාන ආශ්‍රිතයන් සිටින තරම් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පීසීආර් කරන්නට යැවූ සාම්පල් අවතැන් වීම්, වාර්තා පමා වී පසුව ඔක්කොම එක සැරේ නෙගටිව් යයි තොග වාර්තා ලැබීම් හා පරීක්ෂණ සඳහා නැවත සාම්පල් යැවීම් ආදී අවුල් එමට ය. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයෝ ද නිලධාරීහු ද ජනතාවට බනිනු ඇසේ. දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ. Continue Reading

Imported waste of Sri Lanka

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ. Continue Reading

Matugama town

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.Continue Reading

Quarantine cartoon

කොවිඩ්-19 මර්දනය මිලිටරි වැඩක් නොව, සෞඛ්‍ය කාර්යයකි. ඒ නිසා එහි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අංශවලටයි. හමුදාව, පොලිසිය ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය වැනි කාර්යයන් දැනට සිදුකරන ආකාරය හොඳය. ඒ සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. එහෙත්, කොවිඩ්-19 මර්දන මෙහෙයුම තිරසර අන්දමින් සාර්ථක වන්නේ ප්‍රජාතාන්ත්‍රික මහජන වගකීමෙන් මිස අධිකාරිවාදයෙන් නොවේ. Continue Reading

Chinese workers

ශ්‍රී ලංකාවේ චීන කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවෝ සේවය කරති. නිල වශයෙන් 15,000ක් සිටින බව කීව ද, ඇත්ත සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. චීන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන්ගෙන් 30-40% අතර ප්‍රමාණයක් චීන ශ්‍රමිකයෝය. දැන් දැන් දේශීය ඉදිකිරීම් සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යොදවන බව පෙනේ. Continue Reading