circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

Nirvan Rajapaksa

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය. Continue Reading

Gotabaya Rajapaksa with JR

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන්Continue Reading

Officials

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13 මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලිContinue Reading

Mahinda in 1988

Article from Ceylon Today Entire Hambanthota district was converted to a ground of sky burial. Youth bodies burnt on tyre pyres was an ordinary scene day and night. Carlton House in Tangalle was the only place to listen to the woes of the parents who had lost children. The houseContinue Reading

Handkerchief

ඊශා කප්පරගේ ⁣යොවුන් වියේ පසුවන ඇතැම් ගැහැණු ළමයින් මෙන් ම ඇතැම් වැඩිහිටි කාන්තාවන් ද ගමන් බිමන් යන විට ලේන්සුවක් අතේ ගෙනියනවා. ඒක විලාසිතාවට, හැමෝම කරන නිසා කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම අතට නිතර දාඩිය දැමීම නිසා ලේන්සුව ගෙන යනවා වෙන්නත් පුළුවන්. සමහරුන් ගෙනියන්නෙ මුහුණ, අත ආදිය පිසදාගැනීම සඳහායි. ඒContinue Reading

University non-academic staff protest

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ. රසවත් ම කාරණය වන්නේ 2015ට සාපේක්ෂව රජයේ සේවකයන්ගේ වැටුප් 100%කට වඩා ඉහළ ගොස් ඇති බව ද අනධ්‍යයනය වෘත්තීය සමිති විසින් පෙන්වා දීමයි. ඔවුන් කියන්නේ තමන්ගේ වැටුප වැඩි වුණේ 90%ක පමණContinue Reading