Vipula Sumanasekara

විපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)

මෙය ලියන මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්‍රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්‍රමවේදයටය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය. වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය. Continue Reading

Dr. Paba Palihawadana

කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.Continue Reading

Dr. Ajith Amarasinghe

අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙකු තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.Continue Reading

Trade deficits of Sri Lanka with China and US - cartoon

ශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ජාත්‍යන්තර දේශපාලය කුමන ස්වරූපයක් ගනු ඇතිදැයි අපට තවම පුරෝකථනය කිරීමට බැරි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙත මාරු නොවුණහොත්, ශ්‍රී ලංකාවට සිදු වන්නේ අලි සෙල්ලං මැදට පනින නරියකුට වන දේ ය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්. Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත. Continue Reading

Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත. Continue Reading

Makandure Madush

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි. Continue Reading