ලංකාවේ පොදු ප්‍රවාහනය යනු දශක ගණනාවක් තිස්සේ ජනතාව පීඩාවට පත් කරන, විසඳුම් පෙනෙන තෙක් මානයක නොමැති බරපතළ අර්බුදයකි. බොහෝ දෙනකු සිතා සිටින්නේ මෙහි පෞද්ගලික බස් ඒකාධිකාරයක් පවතින බව යි. එහෙත් යථාර්ථය එය නොවේ. ලංකාවේ බස් කර්මාන්තය තුළ පෞද්ගලික ඒකාධිකාරයක් නොමැති අතර, බහු බස් හිමියන් රැසක් කර්මාන්තය තුළ නිරත වී සිටිති. මේ වන විට තනි බස් හිමියන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර, ඊට සමගාමීව රජයට අයත් බස් සමාගම් දෙකක් ද ක්‍රියාත්මක වේ.Continue Reading

Anojan

මෑතකදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූයේ කතරගම පාද යාත්‍රාවට එක් වූ “සුබ්‍රමනි” නම් සුනඛයාගේ කතාවයි. එහෙත්, එම සංවේදී කතාවේ අවසානය සනිටුහන් වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අතිශය ඛේදනීය සහ බරපතළ සිදුවීමකිනි. කල්මුණේ ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු විසින් මෙම සුනඛයාට පහර දීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග, ඊට ප්‍රතිචාර ලෙස පළ වූ කමෙන්ටුවක් (Comment) හේතුවෙන් සෞදි අරාබියේ සේවය කරමින් සිටි ‘අනෝජන්’ නමැති ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයෙකුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට පමණ සමාන) දැවැන්ත දඩයක් එරට අධිකරණයක් විසින් නියම කර තිබේ.Continue Reading

Judges Retiring Age

තමන්ට හිතවත් හෝ තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන අධිකරණ ව්‍යූහයක් නිර්මාණය කර ගැනීම හරහා, තෝරාගත් දේශපාලන නඩු විභාගයන් කඩිනම් කිරීමටත්, තමන්ට තර්ජනයක් විය හැකි ඇතැම් පුද්ගලයන් කඩිනමින් සිරගත කිරීමටත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. බලය රැක ගැනීමෙන් තොරව තමන්ට කිසිවක් කරගත නොහැකි බව ඔවුහු හොඳින්ම දනිිති. ඔවුන් නිතර දෙවේලේ පුරසාරම් දොඩන ‘ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම’ යනු හුදෙක් බලය ලබාගැනීමට සහ එය රැකගැනීමට පමණක් භාවිතා කරන මෙවලම් පමණක් බව මෙම ක්‍රියාවලියෙන් මනාව ඔප්පු වේ.Continue Reading

Charitha Samarasinghe

(මෙම ලිපිය සකස් කර ඇත්තේ ‘වනැස’ (Vanesa) යූටියුබ් නාලිකාව ඔස්සේ මෑතකදී විකාශය වූ, මීගමුව බන්ධනාගාරයේ කැරැල්ලට මුහුණ දුන් රැඳවියකු වන චරිත සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් පදනම් කරගෙන ය. මෙහි ඇතුළත් තොරතුරු සඳහා වනැස යූටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය සහ ගෞරවය හිමි වේ.)Continue Reading

India Struggle

ඉන්දියාවේ ජෙන්සී විරෝධතාව මර්දනය කිරීමට යාම තේරුමක් නැත. මෙවැනි විරෝධතා වනාහි අලුත් පරම්පරාවන් පැරණි පරම්පරාවනට බලය පෙන්වීමේ කැරැලි වේ. අතීතයේදී ද ඒවා පැවති නමුත්, විප්ලවය, ජාතික විමුක්තිය වැනි සංකල්ප සමග තිබුණු බැඳීම් නිසා ඒවා මේ තරම් අමු වූයේ නැත. මේ විරෝධතාවල එවැනි ගැඹුරු හරයන්ට වඩා වැදගත් වන්නේ එහි ඇති වයස් විරෝධයයි. නාකි ගෙදර පලයව් කියන සටන් පාඨය එහි ඇති වැදගත්ම තේමාවයි. එය ඉතා සරලය.Continue Reading

Papaoutai

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල (විශේෂයෙන්ම ටික්ටොක් ඇතුළු වේදිකාවල ජනප්‍රිය වූ Afro Soul සංගීත මුසුව හරහා) අතිශය ජනප්‍රිය වූ ප්‍රංශ ගීතයක් ලෙස ස්ට්‍රෝමේ (Stromae) විසින් ගායනා කරන ‘Papaoutai’ හැඳින්විය හැකිය. බැලූ බැල්මට මෙය නර්තනයට සුදුසු, වේගවත් රිද්මයක් සහිත විනෝදාත්මක ගීතයක් සේ පෙනුණද, එහි පද මාලාව තුළ ගැබ්ව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ඛේදනීය සහ ගැඹුරු සමාජීය කතිකාවකි.Continue Reading

house of fashions

ඉන්වොයිස් වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවට අපට කිසිදු විවාදයක් නැත. එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූලික පරමාර්ථය විය යුත්තේ නිසි විමර්ශනයක් හරහා රටට අහිමි වූ බදු මුදල් සහ ප්‍රාග්ධනය යළි අය කර ගැනීම මිස, පුද්ගලයන් රිමාන්ඩ් කූඩුවල සිර කරමින්, වධහිංසනයට සහ අසීමිත මානසික/ශාරීරික පීඩාවන්ට ලක් කිරීමේ ‘පොලිස් මානසිකත්වයක්’ රේගුව හරහා මුදා හැරීම නොවේ.Continue Reading

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ලබා දෙන්නේ ලංකාවේ රාජ්‍යයට දරා ගත හැකි ප්‍රමාණයට බවත්, එය මදි නම්, රාජ්‍ය සේවයට නො පැමිණිය යුතු බවත් පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබිණි. මෙය රාජ්‍ය සේවකයන්ටත්, වෘත්තීය සමිතිවලටත් කියන්නට බොහෝ දේශපාලකයෝ බිය වෙති. මන්ද, රජයෙන් යැපෙන මෙම මධ්‍යම පන්තිය ලංකාවේ දේශපාලන පන්තිය වීමය. මහජන මතය හසුරුවන්නේ ඔවුහුය.Continue Reading

Maariya

සාගරය යනු හුදෙකලාවේ සහ අභිරහසේ සංකේතයකි. නිමක් නැති ජල කඳක් මැද දිවි ගෙවන ධීවරයන්ගේ ජීවිත ද ඒ සාගරය තරමටම රළු ය; ගැඹුරු ය. “මාරියා” චිත්‍රපටය, මේ රළු මිනිසුන් අතරට අහම්බෙන් කඩා වැටෙන කෘත්‍රිම කාන්තා අනුරුවක් (Sex Doll) කේන්ද්‍ර කරගනිමින්, මිනිස් මනසේ පවතින අතිශය සංකීර්ණ සහ මානුෂීය පැතිකඩක් මනා ලෙස විවරණය කරන අති සියුම් සිනමා වියමනකි.Continue Reading

Logu Thrasthawadaya

හිරු කණ්ඩායමේ වැඩ කරන සමයේ පවා ඇතැමෙක් මා හඳුන්වනු ලැබුවේ ‘ජාතිවාදියකු’ ලෙසිනි. එහෙත්, එදාත් මගේ දේශපාලන කියවීම වූයේ අතිශය පැහැදිලි එකකි. එනම්, සිංහලයන් වන අප දේශපාලනිකව වැඩ කළ යුත්තේ ‘දෙමළ විමුක්ති අරගලය’ වෙනුවෙන් නො ව, එකී දෙමළ විමුක්ති අරගලය හමුවේ ‘සිංහලයන්ගේ වගකීම’ කුමක් ද යන්න සම්බන්ධයෙන් බවය. මේ දයලෙක්තික (Dialectical) දැක්ම මත පිහිටා, නව සිංහල ජාතිකවාදයක් පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම සඳහා මම හිරු පුවත්පතට ‘නව සිංහලය’ නමින් කොලමක් ද රචනා කළෙමි.Continue Reading