• අජිත් පැරකුම් ජයසිංහ,

නීතිඥ සංගමය හමුවේ ජනාධිපතිවරයා කළ කතාව ජවිපෙ බැතිමතුන් බරි වෙන්නට ද, නීතිඥවරුන් පවා මඳ පමණට ද මේ ලියන මා පවා තාවකාලිකව ද තෙත් කිරීමට සමත් වූ බව කිව යුතුය. ඒ අර ගඳ කතාව නිසාය. ශිරානි බණ්ඩාරනායක සිදුවීමේදී පවා මං නම් ඔය ජනප්‍රිය රැල්ල සමග සෙට් නො වුණේ ඔය ගඳ මට හැමදාම දැනෙන නිසාය.

අනුර කුමාර දිසානායක නම් නායකයාගේ සුවිශේෂ හැකියාව වනාහි මෙම තෙත්කාරක භාවයයි. එහෙම තෙත් වීම නිසා නයින් රෙද්ද පල්ලේ දා ගැනීම නිසා මේ වන විට පස්ස රත් වී සිටින අය බොහෝයි. ඔය ගැන හොඳට දන්නා අප වැනි අයගෙන් උපදෙස් ගන්නට රනිල් වැනි අයට වාසනාව තිබුණේ නැත. රටට වැඩක් කළ මහින්ද, රනිල් වැනි අයට හිරේ නො මැරෙන්නට වාසනාව තිබුණොත් ලොකු දෙයකි. එපමණක් නොව, දැන් ජාමෙ බේරාගෙන හිටියාට, තමන්ගේ මිනිහා මැරුවේ කවුරුද යන්න දැන දැන ජවිපෙ නිසා තෙත බරි වී මිනිහා මැරුවේ වෙන කෙනෙකු යයි පට්ට පල් අමු කෙබර කෙළ දේශපාලන බලය වෙනුවෙන් ලොව පැරණිම යයි කියන රැකියාව කළ සීබීකේ මැඩම් ද නහින දෙහින කාලේ රිමාන්ඩ් පාරකටවත් සෙට් කළේ නැති නම්, ඔය ජවිපෙ අපි දන්නා එක නම් නො වේ, හිතවතුනි.

ලංකාවේ ප්‍රභූ පාලක පන්තික මෝඩයන්ට මොළේ පෑදෙන්නේ ම නැති බව මට සිතේ. ජනාධිපති අනුර අවජාඥම ගඤ්ඤවාය, බැරි වුඥොතින් යඥවාය කිව්වාම සජිත් ප්‍රේමදාස වැනි අයට හිතෙනවා ඇත්තේ දැන් දැන් දිනුම් කණුව ළඟ ළඟය කියාය. එතුමාට සංස්කෘතික නඩුව පෙන්න පෙන්නා නයි නලාවට නටවන්නේ බැරි දාට එතුමාට බලයට දෙන්නට නොව, ඔය දැන් කොරන විදියටම විපක්ෂය නන්නත්තාර කරන්නට තමාය.

වළං සෝදන්නාගේ සිට රංගධරයා හරහා සූරයා දක්වා මේ ලෙට් ද ඩෝග් අවුට් කරන්නේ යඤ්ඤ බලාගෙන යයි හිතනවා නම්, නාමල, උඹ දක්වාම නෑ මොළ තමාය. හෙණ මොළයක් තියෙනවාය කියන රනිල්ට පවා, මොළයේ ඒ දේශපාලනික පීනියල් ග්‍රන්ථිය නැත. මොළ හතාට නම් තිබුණා වන්නට ඇත.

ජවිපෙට බලය ලැබෙන්නට සැලැස්වූවා නම්, මෙය තේරුම් ගත යුතුය. දුන්න තරම් ලේසියෙන් ආපසු බලය ලැබෙන්නේ නැත. එසේම, බලය ගන්න නම් අපට වඩා හොඳ විය යුතුය යන කතාවට රැවටෙන මැටි මෝල් ලිබරල් විකාරකාරයන්ට අහු වෙනවා නම්, සොරිම තමාය.

බලය ලබා ගැනීමේ ගමනේදී ජවිපෙට වඩා නරක වන්න. එසේ නැතුව ඔබට ජවිපෙන් ආපසු බලය ලබා ගත නො හැකිය. බලය ලබා ගත් පසු ජවිපෙට වඩා හොඳ වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *