UNHRC

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය. Continue Reading

පසුගිය සතියේ අප ගමන් කළ වෑන් රියේ පසුපස ටයර් හොඳටම ගෙවී තිබිණි. රියදුරු රාජා සමග කතාකරන අතර ඔහු කීවේ එය මේ මාසයටම ඔහු ගිය එකම හයරය බවයි. ලීසිං වාරිකය ගෙවීම සඳහා ඔහු කරන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ පාර අයිනේ තබාගෙන බිත්තර විකිණීමයි. ගෙවුණු ටයර් සහිත වාහන ඇල්ලීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානවලට උපදෙස් දීContinue Reading

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පරිසරය වනසනු ලබන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුවේ. එය බොරුවක් නොවන බව ද පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දසවැදෑරුම් ප්‍රතිපත්ති අතරින් නවවැන්න වන්නේ තිරසාර පරිසර කළමනාකරණයයි. එහි මෙසේ දැක්වේ: “අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයක් මෙන්ම සියලු වනාන්තරContinue Reading

Bhagya Aberathne

පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන කරන ප්‍රකාශය වැදගත්ය: “හෙක්ටෙයාර් එකකට වැඩි පෞද්ගලික වනාන්තර ඉඩමක දැව හෙළීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි. ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම්, ඉඩමේ වපසරිය නොබලා පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි.”Continue Reading

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.Continue Reading

අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ. දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.Continue Reading

Bhagya Aberathne

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය. Continue Reading

Sajith Premadasa and Ranil Wckramasinghe

සමගි ජන බලවේගය විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගෙන තිබේ. එය සජබ වෙබ් අඩවියෙන් හෝ වෙනත් මාර්ගයකින් සොයාගත නොහැකි විය. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එම ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්දැයි සොයාගත හැකි මාර්ගයක් තිබේ. මේ වන විටත්, සජබ දෙවන පෙළ සම්බන්ධයෙන් ගැටුමක් තිබේ. සජිත් ප්‍රේමදාස සජබ ජනාධිපති අපේක්ෂකවරයා වෙනවා නම්, අගමැති අපේක්ෂක වනු ඇත්තේ කවුරුද? චම්පික රණවකද? සරත් ෆොන්සේකාද? රංජිත් මද්දුම බණ්ඩාරද? තිස්ස අත්තනායකද? ලක්ෂ්මන් කිරිඇල්ලද? වෙන කවුරුහරිද? එහෙමත් නැතිනම්, ජලනි ප්‍රේමදාසද? මෙවැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික අයුරින් විසඳාගැනීමට සජබ සමත් වේද?Continue Reading

Southern expressway

2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>) රොහාන් සමරජීව වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ.Continue Reading

පරිවර්තනය කරන්නේ පරිවර්තිත භාෂාවේ පාඨකයන් වෙනුවෙනි. එහෙයින් පරිවර්තනය එම පාඨකයාට තේරුම් ගැනීම පහසු විය යුතුය. එහෙත්, පරිවර්තනයක් දේශීයකරණය කිරීමෙහි සීමාවක් තිබේ. මුල් සංදර්භය සම්පූර්ණයෙන්ම වෙනස් වන පරිදි දේශීයකරණය කළ විට එය තවදුරටත් පරිවර්තනයක් නොව අනුවර්තනයකි.Continue Reading