disability

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීම සඳහා ඇතැමුන් ‘වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන්’ යන යෙදුම පාවිච්චි කරනවා. එමගින් ඔවුන් අවමානයට ලක්වීම වළක්වන්නට පුළුවන් යයි ඔවුන් සිතනවා. එහෙත්, ආබාධිත වීම හා ආබාධිත යයි කීම අවමානයට ලක්වන්නට හේතුවක්ද? Continue Reading

Omicron

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් B.1.1.529 නම් ගැටලු සහගත වෛරස් ප්‍රභේදය (VoC – Variant of Concern) ඔමික්‍රෝන් Omicron ලෙස නම් කර තිබේ. එය සිදුකරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මතය. මෙම ප්‍රභේදය ගැටලු සහගත වන්නේ එහි චර්යාවට බලපෑ හැකි යම් යම් විකෘති වීම් නිසාය. Continue Reading

Condom

‘ගණිකා වෘත්තිය’ නීතිගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ගණිකා වෘත්තිය කියන වචනෙම තියෙන්නෙ නිශේධාත්මක අර්ථයක්. ඒක විශේෂයෙන් ස්ත්‍රී ලිංගික සේවිකාවන් පිළිකුල් කරන වචනයක්. ගණිකා වෘත්තිය නීතිගත කරනවාය කියන එකම විකාර කතාවක්. වෙනත් ඕනෑම සේවාවක් වගේම ලිංගික සේවා සැපයීමත් සාමාන්‍ය දෙයක් වෙන්න ඕනැ. ඒකට නීතිමය බාධාවක් තියෙනවා නම්Continue Reading

Pavithra Wanniarachchi kissing Chinese COVID-19 patient

වසංගත පාලනය සඳහා අවශ්‍ය නීති රීති දැඩිව අනුගමනය කිරීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, මර්දනය සඳහා කොවිඩ්-19 වසංගතයට ආවරණය වීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය. කොවිඩ් සම්බන්ධ භීතිකාවන් පැතිරවීමට පුරවැසියන් උදව් නොකළ යුතුය. එහෙත්, වසංගතය පාලනය කරගැනීමට හැකි සෑම දායකත්වයක්ම ලබාදිය යුතුය.Continue Reading

sexism

අජිත් පැරකුම් ජයසිංහ– Praja.lk පොහොට්ටුවේ මහින්දානන්ද, තිස්සකුට්ටිආරච්ච් වගේ මන්ත්‍රීලා ඇයි තාමත් ගෑනුන්ට වම්බටු වගේ පරණ ජෝක් කරන්නෙ? උන් සෙක්සිසම් සම්බන්ධයෙන් පවා අප්ඩේටඩ් නැති, ඒකටවත් නිර්මාණශීලීත්වයක් නැති කට්ටියක් නේද? ඔය වම්බටු ගහල පලාගන්න කතාව මට මීට අවුරුදු 25කට විතර උඩදි පෙම්වතියක් තමයි කියල දුන්නෙ. එයා කිව්වෙ පොලක බඩු විකුණන්න කෑගහපු හැටිContinue Reading

boat bridge

හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං දන්න තරමින් කළු ගඟ හරහා කළුතර දිස්ත්‍රික්කෙම තියෙන්නෙ පාලම් තුනයි. කළුතර, අඟුරුවාතොට, නාරගල. දෙගොඩම සංවර්ධනය වෙනවා නම් සහ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් එගොඩ මෙගොඩ ඔරු පදින්න ඕනැ නැහැ. ෂෝට්කට් හැම තිස්සෙම අවදානම්. Continue Reading

gotabaya rajapaksa in organic farm

සහනාධාර දෙන්නට අවශ්‍ය නම් පොහොර වැනි යෙදවුම්වලින් නොදී ඵලදායිතා ඉලක්ක මත පදනම්ව නිසි ලෙස ඉලක්ක කර ලබාදිය හැකිය. කෘෂි සහනාධාර හා දිළිඳු සහනාධාර පටලාගත යුතු නැත. ගොවියා යනු දිළින්දෙකැයි සලකා කටයුතු නොකළ යුතුය. ගොවියාගේ ව්‍යවසායකත්වය නැංවිය යුතුය. දිළිඳු සහනාධාර වෙනම කළමනාකරණය කළ යුතුය.Continue Reading

Mahinda and Gotabaya

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ. Continue Reading

Sri Lankan teachers

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.Continue Reading