Prof. Rohan Samarajiva

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.Continue Reading

SSP Darshika Ranasinghearachchi-1

පොලිස් සේවයේ සිටින 85,000ක් නිලධාරීන් අතර කාන්තාවන් සිටින්නේ 9,000ක් පමණයි. පොලිස් සේවයට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍යව තිබෙනවා. පොලිස් සේවයට එක්වන්නට කැමති අනාගත පරම්පරාවල කාන්තාවන්ට ඇය දෙන පණිවුඩය මෙහෙමයි. “දෙපාරක් නොහිතා මං කියන්නෙ එන්න කියලායි.”Continue Reading

SSP Darshika Ranasinghearachchi

SSP Darshika Kumari Ranasinghaarachchi thinks that she can render more service than her previous assignments through her new position as the Director of Police Children and Women Abuse Prevention Bureau. “About 65% of the population are women and children. My task is resolving the problems they face. I attend to each problem daily.”Continue Reading

‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.Continue Reading

provincial council flags of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ ය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල ධුරකාලය ද 2019 වසර තුළදීContinue Reading

coconut tree

විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.Continue Reading

UNHRC

පසුගිය 12 වසරක් පුරා ලංකාවේ මානව හිමිකම් හා සාමය ගොඩනැගීම නමින් ලබාගත් වැටුප්, දීමනා, සංචාර සඳහා වූ වියදම් කොපමණ ද? මේවා හෙළිදරව් කිරීමට මෙම ආයතනවලට ධෛර්යය තිබේ ද? ඒ වියදම් සාධාරණීකරණය කළ හැකි ප්‍රතිඵල දර්ශක ආදිය මොනවා ද? ප්‍රතිඵල නොමැති නම් මෙකී මානව හිමිකම් ව්‍යාපෘති තව දුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද? ඒවා සම්බන්ධයෙන් තිබෙන වගවීම කුමක් ද? සරලව ඇසුවොත්, ලංකාවේ වගවීම ප්‍රශ්න කරන ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?Continue Reading

Bhagya Aberathne

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි. Continue Reading

Hiroshima Park public toilet

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.Continue Reading