scene in a house in Pelmadulla

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතරContinue Reading

President Gotabaya addressing nation

එන්නත්, ඔක්සිජන් වැනි සියලු දේ රජය සපයන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූ ඉතා වැදගත් කරුණක් වූයේ රෝගීන් මැනැවින් කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීම බවයි. එය වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට දුන් ඉතා වැදගත් පණිවුඩයකි. එහෙයින් එය තවදුරටත් අප අවධාරණය කළ යුතුය. රෝහල් තුළදී රෝගීන් මෙතරම් මියයාම රෝගීන් කළමනාකරණයේ ගැටලුවකි. නිව්මෝනියාවෙන් ලංකාවේ මෙතරම් රෝගීන් මියයන්නේ කොවිඩ්-19 රෝගය පිළිබඳ වෛද්‍ය දැනුම බෙහෙවින් දියුණු වී තිබෙන වකවානුවක බව ද අප සිහිපත් කළ යුතුය. රෝගීන් කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දන්නවා විය යුතුය. ඒ ගැන ජනතාව මීට වඩා සංවේදී වන්නට පෙර ජනාධිපතිවරයාගේ පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය. Continue Reading

how to hide in the wheelwell of an airplane

කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා. Continue Reading

nattami

වැඩ කළත්, නොකළත්, ගෙදර හිටියත්, තමන්ගෙ වැටුප ලැබෙන රජයේ සේවකයන් වැනි අයට ආර්ථිකය අතහරින්නට යයි සරලව කියන්නට පුළුවන්. ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.Continue Reading

blood in hand

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි. Continue Reading

PCR tests

වසංගතයට මුහුණදෙන්නට ඕනැ. ඒකත් එක්ක සටන් කරන්න ඕනැ. හැංගිලා බේරෙන්න බැහැ. වසංගතය එක්ක සටන් කරන්නට නම් ආර්ථිකය ඉතා වැදගත්. පොදුබව රැකගන්න අවශ්‍යයි. ඔබ ගෙදර සිටියත් ඔබට වැටුප ලැබෙනවා ඇති. ඔබ ගෙදර ඉන්න. එහෙම නැති මිනිසුනුත් මේ සමාජයේ ඉන්නවා. ඔවුන් රැකියා, ව්‍යාපාර කරන්නට ඕනැ. ඒ වගේම, රටක් විදියට අපට වගකීම් තිබෙනවා. ණය ගෙවන්නට ඕනැ. සුබසාධනය පවත්වාගෙන යන්නට ඕනැ. මේ ඔක්කොම කරන්න ආර්ථිකයක් පවතින්නට ඕනැ.Continue Reading

Gotabaya on wall

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපිContinue Reading

police checkpoint

උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය. රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක්Continue Reading

Sri Lanka Army vaccination centre

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.Continue Reading

COVID-19 and journalists

කීර්ති වර්ණකුලසූරියගේ මාධ්‍ය භාවිතාව අප ඇති තරම් විවේචනය කර තිබේ. යුද සමයේ සිංහල ජාතිවාදය හා යුදවාදය ඇවිලවීම සඳහා කටයුතු කළ ලියන්නකු වන කීර්ති කිසි සේත්ම බුද්ධිමතකු නොවේ. ඔහුගේ ඉංග්‍රීසි නොදැනුම නිසා ඔහු හාස්‍යයට ලක්විය. එවැනි අයකුට කීර්තිමත් සිංහල පුවත්පතක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන්නට ලැබීම ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය සම්බන්ධ ගැටලුවකි. ජනමාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය ද එයට වගකිව යුතුය. ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් මෙතක් සිදුකළ ව්‍යාපෘති සාර්ථකද? කීර්ති වර්ණකුලසූරියගේ චර්යාව මෙන්ම සුනන්ද දේශප්‍රියගේ මෙම සටහන ද ප්‍රශ්නකාරීය.Continue Reading