Imported waste of Sri Lanka

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ. Continue Reading

Matugama town

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.Continue Reading

Quarantine cartoon

කොවිඩ්-19 මර්දනය මිලිටරි වැඩක් නොව, සෞඛ්‍ය කාර්යයකි. ඒ නිසා එහි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අංශවලටයි. හමුදාව, පොලිසිය ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය වැනි කාර්යයන් දැනට සිදුකරන ආකාරය හොඳය. ඒ සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. එහෙත්, කොවිඩ්-19 මර්දන මෙහෙයුම තිරසර අන්දමින් සාර්ථක වන්නේ ප්‍රජාතාන්ත්‍රික මහජන වගකීමෙන් මිස අධිකාරිවාදයෙන් නොවේ. Continue Reading

Chinese workers

ශ්‍රී ලංකාවේ චීන කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවෝ සේවය කරති. නිල වශයෙන් 15,000ක් සිටින බව කීව ද, ඇත්ත සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. චීන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන්ගෙන් 30-40% අතර ප්‍රමාණයක් චීන ශ්‍රමිකයෝය. දැන් දැන් දේශීය ඉදිකිරීම් සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යොදවන බව පෙනේ. Continue Reading

Kadupul flowers

ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට කරුණාකර එය ඡායාරූපයට නැගීමෙන් හෝ වීඩියෝගත කිරීමෙන් වළකින්න. වීඩියෝ කිරීමෙහි හෝ ඡායාරූප ගැනීමෙහි යෙදෙන කිසියම් පුද්ගලයකු දුටුවොත්, එම පුද්ගලයාට එය නරක වැඩක් බව කියා දී එසේ නොකරන්නැයි ඉල්ලාContinue Reading

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි. Continue Reading

COVID-19 strategy of Sri Lanka

ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත. Continue Reading

Covid-19 thermometer

අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය කරලා. මේ මිතුරාට අසනීප ගතියක් තිබිලා ඔහු කොවිඩ්-19 ආසාදිතයකු බව පීසීආර් පරීක්ෂණවලින්Continue Reading

drum

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය. Continue Reading