crudia zeylanica

දාරලුවේ පඬුකරඳ (හිමි)

දාරලුව ගමේ පිහිටි අති දුර්ලභ ශාකයක් වන කෘඩියා සෙලනිකා (Crudia zeylanica) හෙවත් Sri lanka Legume හෙවත් පඬුකරඳ ශාකය පිහිටා තිබෙන්නේ කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේයි. මාර්ගය වෙනස් කිරීම අමාරු බව කියනවා. විද්‍යාත්මක ක්‍රම භාවිතා කර ගස එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමේ සැලැස්මක් සඳහා රජයේ අනුමැතිය ද හිමි වී තිබෙනවා. එහෙත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝනයක් නිර්මාණය වි තිබෙනවා. ආණ්ඩු විරෝධීන්, රාජ්‍ය විරෝධීන්, සංවර්ධන විරෝධීන්, ජාතිවාදීන් හා පරිසර අන්තවාදීන් එය පසුපස සිටිනවා.

වෘක්ෂ­ලතා ආඥා පනතේ 42 වැනි වග­න්තිය යටතේ ගැනෙන VIIIවන උප ලේඛ­නයේ මෙම ශාකය ආර­ක්ෂිත ශාක­යක් ලෙස නම් කර තිබෙනවා. 1868දී මුල්වරට හඳුනාගන්නා ලද මෙම ශාකයේ නියැ­දි­යක් 1911 වර්ෂයේදී ද හමුවී තිබෙනවා. කාල­යක් යන විට මෙම ශාකයේ දත්ත හීනව ගොස් තිබෙනවා. වර්ෂ 2006දී ප්‍රකා­ශ­යට පත් කළ ලෝක සංර­ක්ෂණ සංග­මයේ රතු දත්ත වාර්තාවේ හා 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ මෙම ශාකය මිහි­ම­තින් සමු­ගෙන [Extinct (EX)]තිබෙන බවක් දැක්වෙනවා. එහෙත්, එය සත්‍ය නොවන බවත්, තොරතුරුවල අඩුපාඩු එසේ නිගමනය කිරීමට හේතු වන බවත් දැන් සොයාගෙන තිබෙනවා.

ලොව බොහෝ සතුන් හා ශාක වඳවී ගොස් තිබෙනවා. දැනටත් වඳවී යමින් තිබෙනවා. වඳවී යමින් තිබෙන පමණින් ශාකයක් පූජනීය තත්වයේ ලා සැලකිය යුතු නැහැ. අප එවැනි ශාක හා සතුන් සංරක්ෂණය කරගත යුතුයි.

පරිසරවාදයයි, පරිසර අන්තවාදයයි කියන්නෙ එකක් නොවෙයි දෙකක්. මේක තේරුම් ගන්න අමාරු නැහැ. ඉස්ලාම් අන්තවාදය කියන්නෙ මොකක්ද කියන එක කල්පනා කරලා බලන්න. එතන තියෙන්නෙ දැඩි මූලධර්මවාදයක්. පාරිසරික මූලධර්ම සම්බන්ධයෙනුත් ඒක එහෙමම තමයි. සෙසු මූලධර්ම නොතකා හරිමින් පරිසර මූලධර්ම මත විතරක් කටයුතු කරන්නට ගියාම ඒක පරිසර අන්තවාදයක්.

පරිසර මූලධර්ම ගැන නොසලකා සංවර්ධන ආර්ථික වැනි වෙනත් මූලධර්ම මත විතරක් කටයුතු කරන එකත් අන්තවාදයක්. සංවර්ධන අන්තවාදයකුත් තිබෙනවා. තිරසර සංවර්ධන සංකල්පය ගොඩනැගුණෙ මේ පසුබිම නිසායි.

Translations by Creative Content Consultants

ප්‍රචණ්ඩ නොවන අන්තවාදීන් පැවතීම ගැටලුවක් නෙමෙයි. ඒ වුණාට, තීරණ ගැනීමේදී, ප්‍රතිපත්ති සම්පාදනයේදී සමබරතාව අත්‍යවශ්‍යයි.

තිරසර සංවර්ධනය පවතින්නේ සමාජය, ආර්ථිකය හා පරිසරය කියන ස්ථම්භ තුන මත සමබරව බව විද්‍යාර්ථියකු වන අයි.එම්.එස්. සත්‍යප්‍රසාද් මේ සම්බන්ධ සමාජ මාධ්‍ය සංවාදයකදී පෙන්වාදුන්නා. “ව්‍යාපෘතියේ වියදමින් ලෝකයේ දැනට පවතින දියණුම තාක්ෂණය යොදාගෙන ප්‍රතිස්ථානගත කළ හැකියි. මේ ව්‍යාපෘතිය විදේශීය ණය මත විදේශීය කොන්ත්‍රාත් කරැවකු විසිනුයි ඉදි කෙරෙන්නේ. ගස ප්‍රතිස්ථානගත කිරීම සඳහා යන වියදම අධිවේගී මාර්ගයේ මං ලැකුම වෙනස් කිරීම හෝ ඉදිකිරීම් කටයුතු අත්හිටුවා තැබීමට සිදුවීම නිසා සිදුවන පාඩුව හා සසඳන විට සොච්චමක්. අනෙක් කාරණය නම් මෙවන් අනපේක්ෂිත පාරිසරික හෝ භූ විද්‍යාත්මක වෙනස් වීම් වෙනුවෙන් දරන්නට වන අතිරේක වියදම් වෙනුවෙන් වෙනම ප්‍රතිපාදන ඇස්තමේන්තුවට ඇතුලත්ව තිබෙන නිසා මේ සඳහා අමතර වියදමක් කෙහොමත් වැය වෙන්නේ නැහැ,” යි ඔහු පවසනවා.

මතභේදයට තුඩුදී තිබෙන ගස විද්‍යාත්මකව ඉවත් කර වඩා හොඳ තැනක ප්‍රතිස්ථාපනය කර සංරක්ෂණය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් බව පෙනෙන්නේ නැහැ. විරෝධතාවාදීන් බොහෝදෙනෙකුත් මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභවලට ලොල් අය. ඒ කෙසේ වෙතත්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රට ණය කරමින් දැන් කලක් තිස්සේ ඉදිරියට යන එකක්. එය අතරමග නවත්වා නොදැමිය යුතුයි.

පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් කළ යුතුව තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට රජයට උපකාර කිරීම මිස රජයෙන් මස් රාත්තලම ඉල්ලා කඩාකප්පල්කාරී ලෙස හැසිරීම නොවෙයි. මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘති මේ රටට අවශ්‍යද යන්නත් ඊළඟට කල්පනා කළ යුතුයි.

Translations