Trade deficits of Sri Lanka with China and US - cartoon

ශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ජාත්‍යන්තර දේශපාලය කුමන ස්වරූපයක් ගනු ඇතිදැයි අපට තවම පුරෝකථනය කිරීමට බැරි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙත මාරු නොවුණහොත්, ශ්‍රී ලංකාවට සිදු වන්නේ අලි සෙල්ලං මැදට පනින නරියකුට වන දේ ය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්. Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත. Continue Reading

Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත. Continue Reading

Makandure Madush

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි. Continue Reading

Extremism

අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි. Continue Reading

Matugama

දැනට තිබෙන ආරංචි අනුව, හමු වී තිබෙන බොහෝ රෝගීන්ට සංකුලතා අවම ය. එහෙත්, රෝගීන් හා සමීප ආශ්‍රිතයන් පොදු ප්‍රවාහනය, කොටහලු මඟුල්, වන්දනා ගමන්, දාන මාන, වැඩිහිටි නිවාස ආදී අවදානම් සහගත සම්බන්ධතා රැසක් රෝගීන් විසින් පවත්වා තිබේ. මේ වන විට, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් කොවිඩ්-19 රෝගීන් සඳහා සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. අනුමාන ආශ්‍රිතයන් සිටින තරම් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පීසීආර් කරන්නට යැවූ සාම්පල් අවතැන් වීම්, වාර්තා පමා වී පසුව ඔක්කොම එක සැරේ නෙගටිව් යයි තොග වාර්තා ලැබීම් හා පරීක්ෂණ සඳහා නැවත සාම්පල් යැවීම් ආදී අවුල් එමට ය. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයෝ ද නිලධාරීහු ද ජනතාවට බනිනු ඇසේ. දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ. Continue Reading