Suresh Salley

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බවට ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ අධිකරණයේදී ඔහුගේ නීතිඥවරුන් දැක්වූ කරුණු සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත රහස් පොලිස් (CID) භාරයේ පසුවන සලේ මහතා, සියදිවි හානිකර ගැනීමේ අවදානමක පසුවන බවට අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තා පවා පෙන්වා දී තිබේ.Continue Reading

IMF

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 808ක දැවැන්ත මුදලක් රටින් පිටවී හෝ අතුරුදන් වී ඇති බවට ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කළ පිටු 143කින් යුත් වාර්තාවක මේ බව පැහැදිලිව සඳහන් වන බවත්, 2025 වසර සඳහා එය ඩොලර් මිලියන -808 ක් ලෙස සටහන්ව ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ඉදිරි වසර සඳහා එය ‘බිංදුව’ (0) ලෙස සටහන් කර ඇති බවත්, එයින් මෙම මුදල සැබැවින්ම රටින් පිටවී ඇති බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.Continue Reading

Sri Lanka debt

2026 පළමු කාර්තුවේ ණය වාර්තා මගින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ දේශපාලන වාද විවාදවලින් ඔබ්බට ගිය සැබෑ ආර්ථික යථාර්ථයකි. සමස්ත ණය බරෙහි ඩොලර් අගය පහළ යාම යනු හුදෙක් එක් සාධකයක ප්‍රාතිහාර්යයක් නො වේ. එය රජයේ දැඩි මූල්‍ය විනය, සාර්ථක ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා සහ සාර්ව ආර්ථික ස්ථායීතාවයේ (Macroeconomic stability) සාමූහික ප්‍රතිඵලයකි.Continue Reading

NPP manifesto

ජවිපෙ පාලනය විසින් පාවා දී ඇත්තේ බලය පසුපස අන්ධව දිවයන ඔවුන්ගේ වත්මන් ආධාරකරුවන් පමණක් නොවේ; සමාජවාදය වෙනුවෙන් ජීවිත පූජා කළ අතීත තරුණ පරම්පරාවන් ය. ඔවුන් ගලවාගත නොහැකි IMF උගුලක රට සිරකර, ධනවාදී ආර්ථික වර්ධනය මෙන්ම සමාජවාදී සුභසාධනය යන දෙකම අඩාල කර ඇත. වැරදි මොහොතක, අසත්‍ය ප්‍රචාර මඟින් ජනතාව මුලා කරමින් බලය ලබාගත් ජවිපෙ, අද වන විට සමාජවාදයෙන් මෙන්ම ධනවාදයෙන්ද එකසේ අසාර්ථක වී රටම අගාධයකට ඇද දමා තිබේ.Continue Reading

Rs. 2000

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයා විසින් “නෝට්ටු මුද්‍රණය සහ මුදල් අච්චුගැසීම දෙකක්” යනුවෙන් ප්‍රකාශ කර තිබුණි. සාමාන්‍ය සමාජයේ දී ජනතාව මෙම යෙදුම් දෙකම එකම අර්ථයකින් භාවිතා කළ ද, සාර්ව ආර්ථික විද්‍යාවට අනුව මෙය පැහැදිලි වෙනස්කම් සහිත, ප්‍රතිඵල දෙකක් ගෙන දෙන ක්‍රියාවලි දෙකකි. මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වර්තමාන ආර්ථික පසුබිම තුළ ඉතා වැදගත් වේ.Continue Reading

Sri Lanka Economy

අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ ‘මිල සූත්‍ර’ අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින් විශාල බදු ආදායමක් උපයා ගන්නා බව ද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එපමණක් නොව, රජය හැකි සෑම ආකාරයකින්ම ජනතාවගෙන් බදු අය කරමින් සිටියි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්තියේම දිගුවකි.Continue Reading

smart agriculture

සාම්ප්‍රදායික ආර්ථික මොඩලයන් බොහෝ විට පරිසරය විනාශ කරමින් සංවර්ධනය හඹා යයි. නමුත් ‘හරිත ආර්ථිකය’ යනු පරිසරයට සිදුවන හානිය අවම කරමින්, ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ නවීන ප්‍රවේශයකි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව, මෙහි ප්‍රධාන අරමුණු තුනක් ඇත: ඒ කාබන් විමෝචනය අවම කිරීම, ජලය සහ බලශක්තිය වැනි සම්පත් නාස්තියකින් තොරව කාර්යක්ෂමව භාවිත කිරීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සෑම ස්ථරයකටම සාධාරණව බෙදී යන බව තහවුරු කිරීමයි.Continue Reading