Basil Rajapaksa

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading

Hisbullah's poster

ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවාContinue Reading

Anura Kumara Dissanayake

අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුවContinue Reading

Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ.Continue Reading

Alpitiya Pradeshiya Sabha

ජනාධිපතිවරණයක නාමයෝජනා භාරගෙන තිබියදී පළාත් පාලන මැතිවරණයේ කල් ගිය එක් කොට්ඨාසයක් වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරණයේ ජනමතය සම්බන්ධයෙන් යම් ඉඟි සපයන්නකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යනු ජාතික මට්ටමේදී අවම වැදගත්කමකින් යුක්ත ප්‍රදේශයක් වුව ද, ඇල්පිටියේ ග්‍රාමසේවක වසම් පවා ජාතික මට්ටමේ කතාබහට ලක් විය. එයට හේතුව වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජාතික මට්ටමේContinue Reading

Sajith meets Civil Society and Trade Unions Collective

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 13 අනිද්දා පුවත්පතේ පළ වේ) 2015 ජනවාරි 8 සමාජ වෙනස වෙනුවෙන් සිවිල් සමාජ කණ්ඩායම් විසින් විශාල බරක් දරන ලදී. ඒ අතර ඉදිරියෙන් සිටි බලවේග වූයේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව වැනි සංවිධානයි. එහෙත්, ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු විය හැකි පරිදි ම,Continue Reading

Sajith Premadasa and Maithripala Sirisena

ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය: 1 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372 – ප්‍රතිශතය 57% – (ආසන 17)2 – එක්සත් ජාතික පක්ෂය 10,113 – 24.5% – (ආසන 7)3 – එක්සත් ජනතා නිදහස් සන්ධානය – ප්‍රතිශතය 12.5% – 5,273 (ආසන 3)4 – ජනතා විමුක්ති පෙරමුණ (2) 2,435 – ප්‍රතිශතය 5.9%Continue Reading

Alpitiya Pradeshiya Sabha

අජිත් පැරකුම් ජයසිංහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වෙන්නේ සෙසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් මාස 20කට පමණ පසු ය. මෙම මැතිවරණය කල් යාම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් නිසා ය. එයට හේතුව, ඉතා කුඩා පක්ෂයක නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 11 ලංකා පුවත්පතේ පළ වේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණයේදී කාට සහයෝගය දෙන්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ඔහු රඳා පවතින්නේ අන්ත සිංහල බෞද්ධ අන්තවාදීන් මත ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පදනම් වන්නේ සිංහල බෞද්ධContinue Reading