ආයෙමත් හදමුද බිල්ඩිං?
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය.
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය.
මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත.
වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය. එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි.
පදවියේ සිට පුල්මුඩේට යන පාරෙ දහයෙ කණුවෙ පරණ මැදවච්චියේ ඉස්කෝලෙක 1940 දශකයේ පරණ ලොග් පොතක තිබුණු සටහන් වගයක් ගැන මට වරක් එක් ගුරුවරයකු පැවසුවා. ඒ අනුව, පාසලේ සිසුන් පිරිසක් මුල් ගුරුතුමා සමග අධ්‍යාපන චාරිකාවක් ගිහින් තිබුණේ වර්තමන පදවි පරාක්රමපුර වන වන්නච්චිය හරහායි. ඔවුන් ගිහින් තිබුණේ තෙන්නමරවාඩි නම් පැරණි දෙමළ ගමට. ඒ ගමනෙ අරමුණක් ලෙස සඳහන් වුණේ උළු ගෙවිල්ලපු ගෙයක් බලන එකලු.
අජිත් පැරකුම් ජයසිංහ ලාල් කාන්ත ද්‍රෝහියා සහ සතුරා පිළිබඳ අර්ථකථනයක් කරමින් පෙසපට යම් අනතුරු ඇඟවීමක් කරන අයුරු වීඩියෝවක දැක්කා. දුරස්ථ
සම්මාන සඳහා පොත් ලිවීමේ හා කියවන බව ප්‍රදර්ශනය කිරීම සඳහා පොත් කියවීමේ ආසාව පාලනය කරගැනීම ජීවිතයේ ඉහළ අවධියක්. හැබැයි, මොන ආකාරයකින් හරි සමාජයට වැදගත් අත්දැකීම් හා දැනුම බෙදාගන්න. අඛණ්ඩව ප්‍රශ්න කරන්න. සංවාද කරන්න. සතුට සඳහා කියවන්න. පොත්පත්වල ඇති සියලු දේ ඇත්ත යයි විශ්වාස නොකරන්න.
එහිදී අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්රශ්නය ඉතා වැදගත්. එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා අධි සංවේදීකරණය නොකර සාක්ෂි මත පදනම් වූ ප්රවේශයකින් විසඳුම් සෙවිය යුතු කාරණයක්.
අජිත් පැරකුම් ජයසිංහ 1. උත්තර ලංකා සභාගය දියත් කළ දිනයේ විමල්, වාසු, උදය, රතන වැනි නායකයන් සිටින වේදිකාවක කාන්තාවන් පිරිසක්
මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්.
රජයේ සේවයට ඇතුළුවුණ අලුත ගුරුවරයකු වුණ මගේ බාප්පා මගෙන් ඇහුවා වැටුප් විස්තර පොතක ලියල තියාගන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා. එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා. මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ. ඉංග්රිමන්ට් ෆෝම් එක දුන්නත්, ඒකට අදාළ වැටුප හදාගන්න හෝ මං කාර්යාලයට ගියේ නැහැ. මාරු මණ්ඩලවලට සහභාගී වෙන්න කලාප කාර්යාලයේ ඉඳිද්දි පවා මං ඒක කළේ නැහැ. හැමදාමත් මගේ වැටුප් හැදුණෙ වැටුප් පරිවර්තන කරද්දි. විශ්‍රාම ගනිද්දි වුණත් මට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි විශ්‍රාම වැටුප නොවෙන්න පුළුවන්.