FT.LK (පරිවර්තනය: Creative Content Consultants විසිනි)
තරගකාරී ආසියානු ආර්ථිකයන් ආයෝජන සුරක්ෂිත කර ගැනීමට සහ වෙළෙඳ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ආක්‍රමණශීලී ලෙස කටයුතු කරමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවේ වෙළෙඳ, අපනයන සහ විදේශ සෘජු ආයෝජන (FDI) න්යායපත්රය අපේක්ෂාවන්, හදිසිභාවය සහ උපායමාර්ගික සම්බන්ධීකරණය නොමැතිකමෙන් දුබල වී ඇති බව, ආර්ථික ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලයක් වන Centre for a Smart Future (CSF) ඊයේ අනතුරු ඇඟවීය.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරීත්වය, අපනයන සහ විදේශ සෘජු ආයෝජන ප්‍රතිසංස්කරණ න්යායපත්රය වහාම යළි පණගන්වා වේගවත් කරන ලෙස එය රජයෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව අනුකම්පා විරහිත ගෝලීය ආර්ථිකයකට මුහුණ දෙන බැවින්, ප්‍රමාද වීම් වඩාත් වේදනාකාරී වනු ඇති බවට එය අනතුරු ඇඟවීය.
වෙළෙඳ සහ තරගකාරීත්ව ප්‍රමුඛතා ප්‍රතිසංස්කරණ අටක් ගෙනහැර දක්වමින් CSF විසින් ප්‍රතිපත්ති සටහනක් ප්‍රකාශයට පත් කර වසරකට පසුවත් බොහෝ අංශවල ප්‍රගතිය මන්දගාමී වී ඇති බව පවසන එම රාජ්‍ය ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලය, ගෝලීය ආර්ථික තත්ත්වයන් නරක අතට හැරී ඇති අතර, වෙළෙඳ අස්ථාවරත්වය අඛණ්ඩව පවතින බවත්, ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් කෙරෙහි ඇති පීඩනය තීව්ර වී ඇති බවත් තවදුරටත් පැවසීය.
ගැටලු හඳුනා ගැනීම මැනවින් තහවුරු වී ඇති අතර එය පුළුල් ලෙස ප්‍රසිද්ධ වී ඇති නමුත්, අපේක්ෂාවන් සහ ක්‍රියාමාර්ග තවදුරටත් මඟහැරෙමින් පවතින බව බුද්ධි මණ්ඩලය අවධාරණය කළේය. එසේම, අපේක්ෂා සහගත ඉදිරි ගමනක් සැලසුම් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ගෙන් ප්රගාමී ලෙස එක්ව කටයුතු කරන ලෙස එය ඉල්ලා සිටියේය.
“අනෙකුත් ආසියානු ආර්ථිකයන් වෙළෙඳ ඔරොත්තු දීමේ හැකියාව සහ තරගකාරීත්වය මෙහෙයවීම සඳහා මැනැවින් සම්බන්ධීකරණය කරන ලද ආයතනික පියවරයන් සහ ඉතා දියුණු ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටී. එබැවින්, ශක්තිමත් යාන්ත්‍රණ සැලසුම් කිරීම සඳහා රජය මෙම උදාහරණ දෙස බැලිය යුතු යැයි,” CSF පැවසීය.
වඩාත් දියුණු වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ සූක්ෂම වෙළෙඳ සාකච්ඡා හරහා නව වෙළඳපොළවල් විවෘත කිරීම පසුගිය වසරේ CSF හි ප්‍රතිපත්ති සටහනේ ප්‍රමුඛතාවන් ලෙස ඉස්මතු කරන ලදි. එහෙත්, ඒ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සීමිත බව පෙනේ.
“රට සඳහා ප්‍රධාන වෙළෙඳ සාකච්ඡාකරුවකු නොමැති වීම හෝ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ කාර්යය පැවරී ඇති කැපවූ කාර්යාලයක් නොමැති වීම මෙම අඩුපාඩු අතරට ඇතුළත් වේ,” යනුවෙන් CSF සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යූහය තුළ දක්නට ලැබෙන්නේ මධ්‍යස්ථ විවිධාංගීකරණයක් පමණි. 2026-2030 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සාදරයෙන් පිළිගන්නා නමුත්, ප්‍රකාශිත උපායමාර්ගයක් යනු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමක් නොවන බවට CSF අනතුරු අඟවයි. විකාශනය වන ගෝලීය ආර්ථික ගතිකත්වයන් සැලකිල්ලට ගෙන, අඛණ්ඩව නැවත සකස් කිරීම් අවශ්‍ය විය හැකිය. පෙර පැවති ජාතික අපනයන උපායමාර්ගය (2018-2022) යනු ආයතනික බිඳෙනසුලුභාවය සහ ප්‍රමාණවත් නොවන අයවැය කැපවීම් හේතුවෙන් අසාර්ථක වූ ලේඛනයකි. එය නැවත සිදු නොවිය යුතු අසාර්ථකත්වයකි.
අපනයනකරුවන්ට යාවත්කාලීන වීමට, විවිධාංගීකරණය වීමට හෝ අගය දාමය තුළ ඉහළට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ උපායමාර්ගික ආධාරක සීමිත මට්ටමක පවතින බවත්, අපේක්ෂා සහගත ව්‍යවසාය නවෝත්පාදන සහායක වැඩසටහනක් අවශ්‍ය බවත් බුද්ධි මණ්ඩලය තර්ක කළේය. ඇතැම් ප්රමුඛ සමාගම් දුෂ්කර ජාත්‍යන්තර වෙළඳපොළවල් තුළ සුවිශේෂී ලෙස හොඳින් ක්‍රියා කර ඇති අතර අඛණ්ඩව එසේ කරමින් සිටියි. එහෙත්, තවමත් එවැනි සමාගම් ඇත්තේ ඉතා ස්වල්පයකි. එමෙන්ම, අනෙකුත් බහුතරයක් (මධ්‍යම ප්‍රමාණයේ සමාගම් ද ඇතුළුව) තරග කිරීමට දැඩි අරගලයක නිරත වෙමින් සිටිති.
“ශ්‍රී ලංකාවේ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මඟ පෙන්වන සංගත උපායමාර්ගික රාමුවක් නොමැති වීම පිළිබඳව ද CSF කනස්සල්ලට පත්ව සිටී. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ විදේශ සෘජු ආයෝජන කාර්යසාධනය එහි ශක්‍යතාවට සහ කලාපීය සම මට්ටමෙ රටවලට සාපේක්ෂව බලාපොරොත්තු කඩ කරවනසුලු වී ඇත. එමෙන්ම, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පවරා ඇති ආයතනික යාන්ත්‍රණය අපේක්ෂිත ප්‍රතිඵල ලබා දී නොමැත,” යනුවෙන් CSF අවධාරණය කළේය.
ආයෝජන සඳහා බදු සහන ගණනය කරනු ලබන ආකාරය පිටුපස කිසිදු පැහැදිලි තර්කයක් නොමැති වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) විසින් ආයෝජන මණ්ඩලයෙන් (BOI) මෑතකදී ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම කනස්සල්ල වඩාත් අවධානයට ලක් විය.
“ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ කුමන ආකාරයේ විදේශ සෘජු ආයෝජන ද සහ වර්තමානයේ මෙන්ම අනාගතයේදී සුවිශේෂී අවස්ථා සපයන්නේ කුමන ක්ෂේත්‍ර ද යන්න පිළිබඳ පැහැදිලි උපායමාර්ගික දැක්මක් ශ්‍රී ලංකාවට නොමැති බව CSF දිගු කලක් තිස්සේ තර්ක කළ කරුණ, පුළුල් ලෙස සංසරණය වූ මෙම අදහස් හුවමාරුව මඟින් අනාවරණය විය. ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට වඩාත් සුදුසු ක්‍රියාකාරකම් සහ ආයෝජකයන් වර්ග මොනවාද යන්න පිළිබඳව සාක්ෂි මත පදනම් වූ සහ ඉදිරි දැක්මක් සහිත නැවත සිතා බැලීමක් අවශ්‍ය වේ,” යනුවෙන් බුද්ධි මණ්ඩලය පැවසීය.
2024 ආර්ථික පරිවර්තන පනත යටතේ අපේක්ෂා කරන ආර්ථික කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම ද CSF විසින් නැවත වරක් අවධාරණය කරන ලදි.
විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීමට දැඩි තරගයක නිරත වන රටවලට අත්‍යවශ්‍ය මූලික ආයතනික යටිතල පහසුකම් පවතී. ආයෝජකයන්ට පහසුකම් සැලසීම උදෙසා රජයේ සියලු අංශ සම්බන්ධීකරණය කිරීමට නියම වරමක්, ඉහළ බලතල සහ මනා සම්පත් සහිත ආයතනයක් පිහිටුවීම ඉන් එකකි. වෙළෙඳ සහ ආයෝජන කටයුතු ඒකාබද්ධව මෙහෙයවීම ද ඊට ඇතුළත් ය. මෙය අත්‍යවශ්‍ය කරුණක් බව බුද්ධි මණ්ඩලය සඳහන් කළේය
මෙම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය අකමැති විය හැකිය. එසේ නම්, අවම වශයෙන් එහි සඳහන් ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට් ශ්‍රී ලංකා (Invest Sri Lanka) සහ කලාප අධිකාරිය යන ආයතන හෝ වෙනම ප්‍රමුඛතාවන් ලෙස සලකා සක්‍රිය කළ යුතු යැයි එම මණ්ඩලය ඉල්ලා සිටියේය.










