Constituent of Sri Lanka People's Party

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.Continue Reading

COVID-19 vaccination in the US

My wife who works at an assisted living care facility has obtained the first shot of the vaccine. She told me that the instructions from the state clearly indicate that Pfizer and Moderna are both Messenger RNA (mRNA) vaccines. mRNA are molecules that provide instruction. They do not contain a virus that causes COVID-19. mRNA vaccines teach our cells to create an immune response so that the body knows how to fight with the virus if it is later exposed to the virus. Once your body learns how to create the immune response, it breaks down and gets rid of the mRNA.Continue Reading

COVID-19 vaccination in Sri Lanka

එන්නත් විසින් කරනු ලබන්නේ ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනු ලැබේ. කෝවිඩ්-19 එන්නතේදී එය එම රෝගය බෝකරන වයිරසයට බොහෝදුරට සමානය. ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය සිරුර විසින් තර්ජනයක් ලෙස සලකන නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එයට එරෙහිව ප්‍රතිදේහ (antibody) නිපදවනු ලැබේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රෝටීනයි. Continue Reading

myths about locally produced Sri Lankan flag

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading

Rohan Samarajiva

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි. Continue Reading

leprosy

ලාදුරු රෝගය සඳහා අදාළ ⁣ඖෂධ ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රජය විසින් පමණයි. කිසිම ඖෂධහලක මේ ⁣ බෙහෙත් අලෙවියට නැහැ. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත්, විකෘතිතා රැසක් ඇතිවෙනවා. ඖෂධ මගින් ඒවා යථා තත්ත්වයට පත්කරන්නට බැහැ. භෞත චිකිත්සාව (Physiotherapy) මගින් යම් සහනයක් ඇති වුවත් පුද්ගලයාට සමාජගත වීමට වන්නේ යම් යම් විකෘතිතා සමඟයි. මේ නිසා ඔවුන් සමාජයේදී කොන් කිරීමට, වෙන් කොට සැලකීමට ලක්වෙනවා. ඔවුන් සඳහා නිසි උපදේශන සේවාවක් පැවතීම කාලීන අවශ්‍යතාවයක්. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත. Continue Reading

Arjuna Ranathunga

මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.Continue Reading