Olympic cardboard beds

මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. Continue Reading

President Gotabaya at public office Narahenpita

2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය 21දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.Continue Reading

Basil Rajapaksa

හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත. Continue Reading

Vimal-Rohitha-Mahindananda

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය. Continue Reading

Hishalini-mother

රිශාඩ් බදුර්දීන්ගේ නිවසේදී මියගියේ දැරියක නොවේ. 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. දරුවා හෝ දැරිය හෝ කියන්නේ ළමයෙකුට පෙර වයසේ පුද්ගලයන්ටය. අපයෝජනයට ලක්වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා දැරිය යන වචනය යොදයි. දැන හෝ නොදැන මේ කරන්නේ ළමා අපයෝජකයන්ගේ පරිකල්පනීය ෆැන්ටසියට අවශ්‍ය පරිදි මේ ප්‍රවෘත්ති සංවේදී කර සැපයීමයි. නිසි තාක්ෂණික වචන භාවිතා නොකිරීම ද අපයෝජනවලට දිරි දීමකි. Continue Reading

canabis

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර ‘වැඩසටහන 2021 ජනවාරි මස 29 වන දින තණමල්විල කුකුල්කටුව ජලාශය අසල පැවති අවස්ථාවේ අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ලංකාවේ කංසා නීතිගත කර දෙන ලෙස සෘජුවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඒ සඳහා ඉහල මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව පැවසීය.Continue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් නම් ගුරු සංගම් නායකයාට කාලකණ්ණියෙකු යයි, අසාර්ථක පුද්ගලයකු යයි අවමන් කරන සාර්ථක පුද්ගලයා වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පැටිගිරිය එහෙමයි. සැබෑ කාලකණ්ණින් වන්නේ සමාජයට අවාසනාව උරුම කරදී, පව්කාර ලෙස, සැප සම්පතින් පිරි, තෘෂ්ණාභරිත, අතෘප්තිමත් ජීවිත ගතකරන මෙවැනි මිනිසුන් තමයි. මෙවැනි දේශපාලුවන් ගැන නොදන්නා කෙනෙකු නැහැ. ඒත්, ප්‍රශ්නය එය නොවෙයි. සමාජයක් ලෙස අප අනුගමනය කරන්නේ කාවද? එක් කෙළවරක කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනික, එහෙත්, සමෘද්ධිමත් පුද්ගලයන් සිටිනවා. අනෙක් කෙළවරේ තපස් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් රඹුක්වැල්ල වැනි අයගෙන් කාලකණ්ණින් යයි පද අසාගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා වැනි අය ඉන්නවා. එය දුෂ්කරයි. තෝරාගැනීම පෞද්ගලිකයි. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. ඒත්, කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනිකයකු නොවී සාධාරණව මුදල් උපයාගෙන සුවපහසු ජීවිතයක් ගතකරන්නටත් ඔබට උත්සාහ කරන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තෝරාගෙන පාරිභෝජනවාදයට යට නොවී සිටීමයි. Continue Reading

Keheliya

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදීContinue Reading

COVAX

අජිත් පැරකුම් ජයසිංහ COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවුණා. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100ක් මෙම තොගයට අඩංගු වුණා. අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකාContinue Reading