principals of Sri Lanka

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්‍රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ. Continue Reading

Lawyer assaulted in Sri Lanka

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. Continue Reading

Nalin de Silva

ජාතික චින්තන තර්කනය අනුව, ලයිලා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිලා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි. Continue Reading

Pavithra drinking COVID syrup

We talked to a person who had offered Rs. 5,000 (approximately 26 US dollars) to obtain the Oxford AstraZeneca vaccine that is administered free of charge by the Sri Lanka government. The individual, whose identity we do not disclose, offered this bribe to health officials at an office of the Medical Officer of Health (MOH) in Colombo city to obtain a token for the vaccine from a Public Health Inspector (PHI). Continue Reading

herd immunity

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි. Continue Reading

පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි: කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී.Continue Reading

Covid-19 Funeral

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?Continue Reading

Minister C.B. Rathnayaka

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට එන්නත් ලබාදුන් පසුව පවා ඔවුන්ට අමාරුකම් ඇතිවෙනවා. ඒත්, ඔවුන්ට ඒවා කියාගන්නට බැහැ. කෝවිඩ්-19 එන්නත නිසාත්, උණ, සීතල, හිසරදය, මහන්සිය, ඇඟපත රිදීම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම, ශරීරයේ එන්නත ලබාදුන් ස්ථානය රතුවීම හෝ එම ස්ථානයේ වේදනාව හෝ ඇතිවිය හැකියි.Continue Reading

Saliya Peiris, President, BASL

මේ සමග පළවන ඡායාරූපය අප අධිනීතීඥ සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන මෙහි පළ කළේ විශේෂ හේතුවක් මතය. නිකවැරටිය අධිකරණ භූමිය අසල පිහිටා ඇති මෙම නීතීඥ කාර්යාල විසින් නීති වෘත්තිය ගැන කතාවක් නිහඬව කියයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් මහතා ඒ පිළිබඳ සංවේදී විය යුතුය. නීති වෘත්තිය තුළ සිදුවිය යුතු සංවර්ධනයන් රැසක් තිබේ. Continue Reading