Indonesian worker in Japan

දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි කාන්තාවකට ලංකාවේ කාන්තාවක හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් – කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය. Continue Reading

police checkpoint

2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.Continue Reading

Gokulam

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන හතක එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය (IFJ) විරෝධය පළ කර තිබේ. Continue Reading

COVID-19-vaccine

කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. Continue Reading

tunnel with no end

පළමු කොරෝනා රැල්ලේ සිට අනුගමනය කරන ලද ප්‍රායෝගික නොවන, අත්තනෝමතික ක්‍රියාමාර්ග දැන් දැන් අවසානයක් දකිමින් තිබේ. කොවිඩ්-19 රජයේ පාලනයෙන් ගිලිහෙමින් තිබෙන තරමට මිනිසුන් පරිස්සම් වෙන්නට පටන්ගෙන තිබේ. Continue Reading

2019 වසර දක්වා අප ආ ගමන දිහා ආපසු හැරී බැලිය යුතුයි. ඒ වුණාට අප ඒක කරනවාද? අපේ ජීවිත හැම පැත්තෙන්ම වෙළාගත්තෙ ලෝකයට දරාගත නොහැකි පාරිභෝජනවාදයකින්. අති දීර්ඝ කාලයක් ජරපත් වෙමින් ජීවත් වීමේ ආශාව දක්වාම මේ පාරිභෝජනවාදය දීර්ඝ වුණා. මහපොළව මත මිනිසාගේ ක්‍රියාකාරකම්වල බර තව දුරටත් මහපොළවට දරාගන්නට බැරි තත්වයක් නිර්මාණය වුණා. මේවා මං නැවත කියන්නට අවශ්‍ය නැහැ. ඇති තරම් ‘විද්‍යාඥයන්’ ඒවා ගැන විස්තර කරලා තියෙනවා. ඒ යුගය/ අවධිය අවසන් විය යුතුව තිබෙනවා.Continue Reading

Ajith Perakum Jayasinghe in cartoon

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.Continue Reading

scene in a house in Pelmadulla

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතරContinue Reading

President Gotabaya addressing nation

එන්නත්, ඔක්සිජන් වැනි සියලු දේ රජය සපයන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූ ඉතා වැදගත් කරුණක් වූයේ රෝගීන් මැනැවින් කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීම බවයි. එය වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට දුන් ඉතා වැදගත් පණිවුඩයකි. එහෙයින් එය තවදුරටත් අප අවධාරණය කළ යුතුය. රෝහල් තුළදී රෝගීන් මෙතරම් මියයාම රෝගීන් කළමනාකරණයේ ගැටලුවකි. නිව්මෝනියාවෙන් ලංකාවේ මෙතරම් රෝගීන් මියයන්නේ කොවිඩ්-19 රෝගය පිළිබඳ වෛද්‍ය දැනුම බෙහෙවින් දියුණු වී තිබෙන වකවානුවක බව ද අප සිහිපත් කළ යුතුය. රෝගීන් කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දන්නවා විය යුතුය. ඒ ගැන ජනතාව මීට වඩා සංවේදී වන්නට පෙර ජනාධිපතිවරයාගේ පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය. Continue Reading

how to hide in the wheelwell of an airplane

කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා. Continue Reading