Samabima-6-10-22

අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? පසුගිය ඔක්තෝබර් 31දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලිContinue Reading

Nov 2

අජිත් පැරකුම් ජයසිංහ පුරවැසියකු ලෙස මට පෙනෙන ආකාරයට රටේ ප්‍රශ්න විසඳන දුෂ්කර අරගලයෙ ආණ්ඩුව නියැලී ඉන්නවා. ඒකෙ අඩුපාඩු තියෙනවා. ලංකාවෙ ආණ්ඩුවලත්, රජයේත්, කාර්යක්ෂමතාව හැමදාමත් ගැටලු සගහත කාරණයක්. ඒ වගේම තමයි ඉතින් ජනතාවත්. තමන්ට ලැබෙන දේ ගැන තරම් තමන්ගෙන් රටට වියයුතු දේ ගැන රටේ ජනතාව අවධානය යොමු කරන්නෙ නැහැ. ජනතාවට ඉන්නContinue Reading

N.M. Perera and J.R. Jayawardane

විධායක ජනාධිපති ධුරය සඳහා සංවරණ හා තුලන නිර්මාණය කිරීමෙහිලා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් වේ. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සන්සන්දනය කිරීමේදී එයට සාපේක්ෂව දුර්වල යයි පැවසිය හැකි වුවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ සමයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලය ද 21වන සංශෝධනයේ හැඩය තීරණය කිරීමේදී බලපෑ බව නොරහසකි. විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර රැකගැනීමටවත් නොහැකි විය. එයට හේතුව වූයේ හුදෙක් ආර්ථික අර්බුදය පමණක් නොව, දේශපාලන ක්‍රමයේ ගැටලුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංවරණ හා තුලන වැදගත් වන්නේ එයට සාපේක්ෂවය. Continue Reading

Condom cartoon

කිසියම් අයකු HIV ආසාදිතයකු වුවත් කුමක් කරන්න ද? ඒ අපේ ම මිනිසෙකි. රෝගියකු වීම වරදක් ද? එම රෝගියාගේ මානව හිමිකම්වලට අත තබන්නට කිසිවෙකුට අයිතියක් නැතContinue Reading

Jeevithaye Oil Pallam

මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටි ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ආකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත. Continue Reading

public service

රජය තවදුරටත් මේ දැවැන්ත රාජ්‍ය සේවයේ බර බදුගෙවන, ඒ අතර සැබැවින්ම වැඩකරන ජනයා මත පටවනවාද? බදු සංශෝධන යෝජනා සමග ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාත් සමාන ජවයකින් යුතුව ඉදිරියට නොගන්නේ ඇයි? සමාජයේ බලවත්ම ස්ථරයක් වන රාජ්‍ය සේවකයන්ට තිබෙන බිය නිසාද? ඉදිරි මැතිවරණයකදී රජයේ සේවකයන් එකතුව ආණ්ඩුව පරදවන නිසාද? ඉතිහාසය පුරාම ලංකාවේ සිදුවුණේ මෙය නොවේද? අපට මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නට බැරිද?Continue Reading

Marxists

“රුසියාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් තරම් සංවර්ධනය නොවීමෙන් පීඩා විඳියි” යනුවෙන් වී අයි ලෙනින් (ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්) කර ඇති සඳහන මේ මොහොතේ ලංකාවට ඉතා වැදගත් වේ.Continue Reading

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ. Continue Reading