Domestic Violence cartoon

ප්‍රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි

ස්ත්‍රී දූෂණය සහ බරපතල ලිංගික අපයෝජනය

ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි. 

පහත දැක්වෙන ක්‍රියා ද බරපතල ලිංගික අපයෝජන වේ.

  • ස්ත්‍රී දූෂණය හෝ ලිංගික අපයෝජනයට උත්සාහ කිරීම
  • කැමැත්තකින් තොරව පියයුරු, ලිංගේන්ද්‍රිය සහ කකුල් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම
  • ලිංගික අවයව වලට පහර දීම
  • කාමුක දර්ශන නැරඹීමට/ ඒවායේ පෙනීසිටීමට බල කිරීම
  • ස්ත්‍රී ලිංගික අවයවය කැපීම / විකෘති කිරීම

ලිංගික අතවරය

අකමැත්ත ප්‍රකාශ කළ ඕනෑම ලිංගිකව සමීපවීමක්, ලිංගික අනුග්‍රහයක් ඉල්ලා සිටීමක්, වෙනත් කෙනෙකුට වරදක් හෝ නින්දාවක් ඇති කරන්නේ යැයි සාධාරණ ලෙස සැලකිය හැකි ලිංගික ස්වභාවයේ වාචික හෝ ශාරීරික හැසිරීමක් හෝ අභිනයක්, හෝ ලිංගික ස්වභාවයේ වෙනත් හැසිරීමක්. එයට එක් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් ඇතුළත් විය හැකිය. ලිංගික අතවරයක් හිතාමතාම අනවසරයෙන් සහ බලහත්කාරයෙන් සිදු කළ හැකිය.

ඩිජිටල් තාක්‍ෂණයන් මගින් සිදුකරන ප්‍රචණ්ඩත්වය ඇතුළුව පොදු ප්‍රවාහනයේ සහ සේවා ස්ථානයේ සිදුවන බොහෝ ලිංගික අපයෝජනයන් ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයන්ට අදාල නොවනු ඇත.

ශාරීරික පහරදීම

මෙය ශාරීරික හිංසන ක්‍රියාවක් වන අතර එය ලිංගික ස්වභාවයක් නොවන අතර, එමගින් වේදනාව, අසහනය හෝ තුවාල හෝ මරණයට පවා ඇතිවිය හැකිය.

  • මිනීමැරීම
  • මිනීමැරීමට උත්සාහ කිරීම
  • වෙඩි තැබීම හෝ පිහියක්/ වෙනත් ආයුධයක් භාවිතා කිරීම 
  • පහර දීම/ පයින් ගැසීම
  • සපාකෑම
  • කම්මුලට පහර දීම
  • හුස්ම හිරකිරීම- කැපීම
  • තල්ලු කිරීම
  • පිළිස්සීම
  • වෙනත් ඕනෑම ශාරීරික පහරදීමක්

බලහත්කාරයෙන් විවාහ කිරීම

ඇයගේ හෝ ඔහුගේ කැමැත්තට පටහැනිව පුද්ගලයෙකුගේ විවාහය සිදුකිරීම

බලහත්කාරයෙන් විවාහ කිරීම අඩුවයස් විවාහය

සම්පත්, අවස්ථා හෝ සේවා ප්‍රතික්ෂේප කිරීම

ආර්ථික සම්පත් / වත්කම් හෝ ජීවනෝපාය අවස්ථා, අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ වෙනත් සමාජ සේවා සඳහා හිමිකම් තිබෙන ප්‍රවේශය වැළැක්වීම. 

  • දේපල සඳහා ප්‍රවේශය වැළැක්වීම
  • මූල්‍ය සම්පත් සඳහා ප්‍රවේශය වැළැක්වීම
  • හිතාමතාම මූල්‍යමය වශයෙන් සහාය නොදක්වන අතර දුෂ්කරතාවන්ට නිරාවරණය කිරීම
  • අධ්‍යාපන කටයුතුවලට සහභාගී වීම වැළැක්වීම
  • රැකියා අවස්ථාවන්ට ප්‍රවේශ වීම වැළැක්වීම
  • සෞඛ්‍ය සේවාවට ප්‍රවේශ වීම වැළැක්වීම
  • වෙනත් ඕනෑම ප්‍රතික්ෂේප කිරීමක් 

මානසික / චිත්තවේගීය අපයෝජනය

මානසික හෝ චිත්තවේගීය වේදනාවක් හෝ තුවාලයක් ඇති කිරීම.

  • ශාරීරික හෝ ලිංගික හිංසන තර්ජන
  • හිතාමතාම භීතියට පත් කිරීම හෝ බිය ගැන්වීම
  • අනෙක් අය ඉදිරියේ පහත් කොට සැලකීම හෝ නින්දාව කිරීම
  • පවුලේ අය හෝ මිතුරන් හමුවීමෙන් වළක්වා බලහත්කාරයෙන් හුදෙකලා කිරීම
  • අනවසරයෙන් පසුපස හඹායෑම
  • වාචික හිරිහැර
  • ලිංගික ස්වභාවයේ අදහස්, අභිනයන් හෝ ලිඛිත වචන
  • සහකරුගේ නීති විරෝධී සම්බන්ධතාවයන් නිසා ඇතිවන මානසික/ චිත්තවේගී ආතතීන්
  • ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා සිදුවන අසාධාරණයන්
  • වෙනත් ඕනෑම මානසික/ චිත්තවේගී අපයෝජනයක්

සූරාකෑම සහ අල්ලස් ඉල්ලීම

සූරාකෑම සඳහා සියලු ආකාර වහල්භාවයන්, නීති විරෝධී කටයුතු සඳහා ජාවාරම් කිරීම, ළමා ශ්‍රමය සහ සූරාකෑමට අදාළ වෙනත් ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

  • ඕනෑම ආකාරයක වහල්භාවයක භාවිතා කිරීම
  • කාන්තාවන් සහ දරුවන් විකිණීම
  • මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කිරීම
  • ගෘහ සේවිකාවන් ලෙස බලහත්කාරයෙන් භාවිතා කිරීම
  • වීදිවල හිඟන්නන් ලෙස භාවිතා කිරීම
  • ගණිකා වෘත්තිය සඳහා හෝ මුදල් සඳහා ලිංගික හුවමාරුව සඳහා භාවිතා කිරීම
  • කාමුක දර්ශන නිෂ්පාදනය සඳහා හෝ කාමුක දර්ශන සඳහා භාවිතා කිරීම
  • ළමා විවාහ
  • වෙනත් ඕනෑම සූරාකෑමක්
  • ලිංගික අල්ලස් ගැනීම

නොසලකා හැරීම

දරුවාගේ සංවර්ධනය සඳහා සෑම අංශයකින්ම අවශ්‍ය දේ සැපයීමට අපොහොසත් වීම: සෞඛ්‍යය, අධ්‍යාපනය, චිත්තවේගීය සංවර්ධනය, පෝෂණය, නවාතැන් සහ සුරක්ෂිත ජීවන තත්වයන්, පවුලට හෝ භාරකරුවන්ට සාධාරණ ලෙස ලබා ගත හැකි සම්පත් සහ හේතු හෝ ඉහළ සම්භාවිතාවක් ඇති සන්දර්භය තුළ දරුවාගේ සෞඛ්‍යයට හෝ ශාරීරික, මානසික, අධ්‍යාත්මික, සදාචාරාත්මක හෝ සමාජ සංවර්ධනයට හානි කිරීම.

  • කුසගින්නෙන් පෙළෙන ලෙස ආහාර ලබා නොදීම
  • සුදුසු සෞඛ්‍ය සේවාවක් සැපයීමට අපොහොසත් වීම
  • අධ්‍යාපනය ලබා නොදීම 
  • අතහැර දැමීම
  • ප්‍රමාණවත් අධීක්ෂණයක් ලබා දීමට අපොහොසත් වීමෙන් ඇතිවන භෞතික හානිය
  • වෙනත් ඕනෑම නොසලකා හැරීමක්

ගෘහස්ථ හිංසනය

සමීප හවුල්කරුවන් (කලත්‍රයන්, පෙම්වතා / පෙම්වතිය) මෙන්ම අනෙකුත් පවුලේ සාමාජිකයන් අතර සිදුවන හිංසනය. මෙම ආකාරයේ ප්‍රචණ්ඩත්වය සඳහා ශාරීරික, ලිංගික සහ/ හෝ මානසික අපයෝජනය මෙන්ම සම්පත්, අවස්ථාවන් හෝ සේවාවන් ප්‍රතික්ෂේප කිරීම ද ඇතුළත් විය හැකිය.

  • ගෘහස්ථ හිංසනය
  • නඩත්තු කිරීම සම්බන්ධ ගැටලු
  • විවාහ පොරොන්දුව කඩ කිරීම
  • දික්කසාදය සහ භාරකාරත්වය

මූලාශ්‍රය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ තොරතුරු කළමනාකරණ තොරතුරු පද්ධතිය (GBVIMS), UNFPA, UNHCR, RESCUE සහ ළමා හිංසනය: නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ව්‍යාප්තිය, සිදුවීම් සහ ප්‍රතිවිපාක: ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ පර්යේෂණ – ක්‍රමානුකූල සමාලෝචනයක්: අංක1, UNICEF (2012)