Military

හමුදා විසුරුවාහරිමු. සාමය ස්ථාවර කරමු.

ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.

1 Minute
Military

මියන්මාර් බියකරු හමුදාවට එරෙහි අරගලයේ සුන්දරත්වය හා විමුක්ති ගීය

Kabar Makyay Bu හෙවත් ‘ලොව හිනැහෙන තුරු අපි නොනවතිමු’ යනුවෙන් අර්ථ දැක්විය හැකි මෙම ගීතය මේ දිනවල දිවා කාලයේදි සහ අනිවාර්යෙන්ම රාත්‍රි අටට බොහෝ පුරවැසියන් පවත්වන ජන ඝෝෂාවේදී ගායනා කරනු අසන්නට පිළිවන. මෙම ගීතය ප්‍රථම වරට ගායනා කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද උද්‌ඝෝෂණ ව්‍යාපාරය එහි උච්ච අවස්ථාවකට පැමිණි 8888 නමින් ප්‍රසිද්ධ වු 1988 අගෝස්තු 8 වන දිනය.

1 Minute