Sri Lanka Press Institute article

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.Continue Reading

President Gotabaya

බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත. Continue Reading

Rohan Samarajiva

ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ. Continue Reading

Gotabaya Rajapaksa

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. Continue Reading

Colombo Port

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා පවසයි. Continue Reading

Nirvan Rajapaksa

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading

Vipula Sumanasekara

විපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)

මෙය ලියන මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්‍රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්‍රමවේදයටය.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය. වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය. Continue Reading

Dr. Paba Palihawadana

කොරෝනා පළමු රැල්ල සමයේ සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ දක්ෂ පරිපාලන නිලධාරියකු බව එකල පෙනුනේ නැත. එහෙත්, ඔහු ඉතා දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකයෙකි. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන ද දක්ෂ සෞඛ්‍ය සන්නිවේදකවරියකි. ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අවධානය පුළුල් වීමට ඔවුන්ගේ භූමිකාව මහෝපකාරී විය. ඔවුන් නොමැති වීම ගැටලුකාරී තත්වයක් වී තිබේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති අතර වෛද්‍ය පබා පලිහවඩන විශ්‍රාම ගොස් තිබේ.Continue Reading

Dr. Ajith Amarasinghe

අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙකු තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.Continue Reading