Gotabaya on wall

පන්සල් ගිය පමණින් ඉල්ලාගෙන දමාගත් උරචක්‍රමාලයෙන් ගැලවිය නොහැකිය. ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ගේ, විපක්ෂයේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල හා පුරවැසියන්ගේ සහයෝගය බලමුළුගන්වාගන්නට ජනාධිපතිවරයා මුලපිරිය යුතුය. යාහැකි වෙනත් මාර්ගයක් නැත. Continue Reading

media cameras

මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි. Continue Reading

Sepali Mayadunne

සේපාලි මායාදුන්නේ දෑවාන නවකතාවෙන් කර තිබෙන්නේ ඇය අභයගිරිය හා මහා විහාරය ගැන හැදෑරූ රළු කරුණු සම්භාරය මතින් ගලා යන අපූරු කතා සාරයක රසයකින් බිම සම කර මනරම් නවකතාවක් නිර්මාණය කිරීම නොවේ. ඇය කර තිබෙන්නේ ඉතිහාස ඒබීසී ගොඩගසා ඒ මතින් රළු කතා කාප්ට් එකක් දමා ගල්රෝලකින් අඩිය අඟට තලා අපට ඉදිරිපත් කිරීමයි. ඉතින් එය කියවා මේ තරම් හති දමන්නට සිදුවීම පුදුම විය යුතු කාරණයක්ද? රසවත් කතාවක් කියන විට කතාකරුවා තුළ උපදින ප්‍රහර්ෂය නිසාම රසවත් භාෂාවක්ද නිර්මාණය වෙයි. සංස්කරණයෙන් එය මටසිලිටු කර ඔපමට්ටම් කළ හැකිය. මේ කිසිවක් දෑවානෙහි නැත. ඉතිහාස දැනුම නවකතාකරුවා විනාශ කර ඇත. Continue Reading

Sri Lanka cabinet

අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින් Read Lanka Memo>> අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒContinue Reading

Sri Lanka Press Institute article

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.Continue Reading

President Gotabaya

බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත. Continue Reading

Rohan Samarajiva

ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ. Continue Reading

Gotabaya Rajapaksa

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. Continue Reading

Colombo Port

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා පවසයි. Continue Reading

Nirvan Rajapaksa

මේ වන විට, ව්‍යවස්ථානුකූලවද විශ්‍රාමගන්වා තිබෙන, නොවැම්බර් 18 දින 75 විය සපුරන අගමැති මහින්ද රාජපක්ෂ සිය පළමු මුනුබුරා නිර්වාන් සොඳුරු ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ. නිර්වාන්ගේ ලෝකය මහින්දගේ ලෝකයට වඩා සොඳුරු එකක් බවට පත් කරන්නට අපට හැකි වේද?Continue Reading