Hudson Samarasinghe

1990 දශකයේ රුවන්ඩාවේ සිටි තරම් අශික්ෂිත ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටිනවාද යන්න සැක සහිතය. එහෙත්, ඒ මට්ටමේ අසික්කිත පාලකයන් මෙන්ම ජනමාධ්‍ය කළමනාකරුවන් ද ලංකාවේ සිටින බව නම් සත්‍යයකි. Continue Reading

Crow

මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද 2010 ආසන්න වකවානුවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. Continue Reading

Uruwarige Wanniya

විවිධ වෙනස්කම් තිබුණත්, මේ රට වෙනුවෙන් අවංක අභිලාෂයක් තිබෙන ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග, පුරවැසි හා සිවිල් සමාජ ව්‍යාපාර, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන ආදිය එකතු වුණොත් එහෙම නායකත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙයිද? මේ දවස්වල මං කල්පනා කරන දෙයක් තමයි ඒ.Continue Reading

ලිංගිකත්වයට බැඳලා තියෙන වැටකොටු මත පදනම්ව තමයි නූතන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නෙ. ඇඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ හා සේවා, සමාජ උත්සව, රැකියා, මාධ්‍ය, කලා ආදී වෙළඳපොළවල් හැම එකකම පදනම මේ නිදහස් ලිංගිකත්වයට තිබෙන බාධාව තමයි. ඒ වෙළඳපොළෙන් හා ලාභයෙන් ආදරය හා ලිංගිකත්වය ගලවාගැනීම සඳහා පුළුල් සංවාදයක් හා අරගලයක් අවශ්‍යයි. Continue Reading

Jaffna farmers

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහජනතාව තම බදු මුදලින් මේ රටේ ගොවි ජනතාවට නොමිලේ ජලය ලබාදී තිබේ. පොදු සම්පතක් වන ජලය ගොවීන්ට පරිහරණයට ලබාදී තිබෙන්නේ නිකම් නොවේ. වාරි සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් හා අඛණ්ඩව ඒවා නඩත්තු කරමිනි. මෑතක සිට වී ගොවීන්ට පොහොර ද නොමිලේ දෙන ලදී.Continue Reading

Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න. Continue Reading

Chandrika Bandaranaike

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය. Continue Reading

President Gotabaya Rajapaksa and Duminda Silva

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ඒ පිළිබඳ දැක්වෙන්නේ මෙසේ ය: “යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.”Continue Reading

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් නොවන, අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම පරිසරයට ද ඉතා හානිකර වන පෙට්‍රෝලියම් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ලාංකිකයන් පෙළඹෙන්නට නම්, ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ තෙල් මිල අනුව සැකසෙන මිලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය යුතුය. රජය ලබන අයුතු ලාභය අවම විය යුතුය. පෙට්‍රෝලියම් ඉන්ධන වෙනුවට මිනිස් ශක්තිය, සූර්ය බලය, සුළං බලය, මුහුදු රල වැනි පුනර්ජනනීය බලශක්ති වෙත ලංකාව යොමුවිය යුතුය. Continue Reading

police death threats in Sri Lanka

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.Continue Reading