police death threats in Sri Lanka

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.Continue Reading

temperature gauge

උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි. Continue Reading

Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. GSP+වැදගත්කම පිළිබඳ මෙම ලිපියෙන් කියවන්න: අර්බුදය තවත් තීව්‍ර කරනContinue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. Continue Reading

Marxists

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේContinue Reading

Suppression of media

රජය ගැන පවතින අවිශ්වාසය හේතුවෙන් විශේෂයෙන්ම කටකතා වේගයෙන් පැතිර යන අතර ඒවා පතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ සමාජ මාධ්‍යයි. මාධ්‍යකරණය, නීති රීති හා ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් විසින් ව්‍යාජ පුවත්, දුස්තොරතුරු හා ද්වේෂ සහගතව නිර්මාණය කරන තොරතුරු ද වෛරී ප්‍රකාශ ද වර්තමානයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත්, ඒවාට මුවාවෙමින් රජය විසින් ගනු ලබන පියවර සීමාව ඉක්මවා යන බවක් ද පෙනේ. Continue Reading

medical education

රටේ ජනතාවට කොවිඩ්-19 එන්නත ලබාදීමටවත් පසුගිය අයවැයෙන් මුදල් වෙන් නොකළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එන්නත්කරණය නොමැතිව වැඩිහිටියන් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් ප්‍රමුඛ ජනතාව දිනපතා වැඩි වැඩියෙන් මියයමින් සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා තීරු බදු රහිත සුපිරි වාහන 227ක් ආනයනය කළේ විදේශ විනිමය පිරිමැසීමට වාහනවල සිට කහ දක්වා බොහෝ දේ ආනයනය තහනම් කර තිබියදීය. Continue Reading

Work from home

ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.Continue Reading

Mahindananda Aluthgamage

වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය. Continue Reading