Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත. Continue Reading

Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය. Continue Reading

Quarantine cartoon

කොවිඩ්-19 මර්දනය මිලිටරි වැඩක් නොව, සෞඛ්‍ය කාර්යයකි. ඒ නිසා එහි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අංශවලටයි. හමුදාව, පොලිසිය ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය වැනි කාර්යයන් දැනට සිදුකරන ආකාරය හොඳය. ඒ සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. එහෙත්, කොවිඩ්-19 මර්දන මෙහෙයුම තිරසර අන්දමින් සාර්ථක වන්නේ ප්‍රජාතාන්ත්‍රික මහජන වගකීමෙන් මිස අධිකාරිවාදයෙන් නොවේ. Continue Reading

Covid-19 thermometer

අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය කරලා. මේ මිතුරාට අසනීප ගතියක් තිබිලා ඔහු කොවිඩ්-19 ආසාදිතයකු බව පීසීආර් පරීක්ෂණවලින්Continue Reading

drum

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය. Continue Reading

Saharan

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත. Continue Reading

Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි. මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයාContinue Reading

cartoon by Ajith Perakum Jayasinghe

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට එරෙහිව සමාජ මාධ්‍යවල දැවැන්ත විරෝධයක් පැනනැගී තිබේ. මෙම විරෝධය ප්‍රධාන වශයෙන් ම මතු වී තිබෙන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඇගේ පෞද්ගලික පරිහරණය සඳහා කුඩයක් සහ විදුලි ලාම්පුවක් ඉල්ලා සිටීමයි.Continue Reading