UNHRC

ශ්‍රී ලංකාවට දැන් ඉතින් අවශ්‍ය නම්, මෙම යෝජනා සම්මතය ප්‍රතික්ෂේප කළ හැකිය. ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව ඒ පිළිබඳ ඉදිරි සැසි වාරයකදී සාකච්ඡා කර ඊළඟ පියවර ගනු ඇත. එය කුමක් විය හැකිද? ආර්ථික සම්බාධක වැනි පියවරක් වුවහොත්, ශ්‍රී ලංකාවට තමන්ට පක්ෂව ඡන්දය දුන් රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකිය. චීනය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය යන රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ආර්ථික වශයෙන් වැදගත් රටවල්ය. මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණය ඉල්ලන මට්ටමකට පත් වී හමාරය. එහෙත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකාව හා යුරෝපය ඉන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධවය. Continue Reading

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පරිසරය වනසනු ලබන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුවේ. එය බොරුවක් නොවන බව ද පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දසවැදෑරුම් ප්‍රතිපත්ති අතරින් නවවැන්න වන්නේ තිරසාර පරිසර කළමනාකරණයයි. එහි මෙසේ දැක්වේ: “අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයක් මෙන්ම සියලු වනාන්තරContinue Reading

Bhagya Aberathne

පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන කරන ප්‍රකාශය වැදගත්ය: “හෙක්ටෙයාර් එකකට වැඩි පෞද්ගලික වනාන්තර ඉඩමක දැව හෙළීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි. ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම්, ඉඩමේ වපසරිය නොබලා පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි.”Continue Reading

අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ. දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.Continue Reading

Sajith Premadasa and Ranil Wckramasinghe

සමගි ජන බලවේගය විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගෙන තිබේ. එය සජබ වෙබ් අඩවියෙන් හෝ වෙනත් මාර්ගයකින් සොයාගත නොහැකි විය. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එම ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්දැයි සොයාගත හැකි මාර්ගයක් තිබේ. මේ වන විටත්, සජබ දෙවන පෙළ සම්බන්ධයෙන් ගැටුමක් තිබේ. සජිත් ප්‍රේමදාස සජබ ජනාධිපති අපේක්ෂකවරයා වෙනවා නම්, අගමැති අපේක්ෂක වනු ඇත්තේ කවුරුද? චම්පික රණවකද? සරත් ෆොන්සේකාද? රංජිත් මද්දුම බණ්ඩාරද? තිස්ස අත්තනායකද? ලක්ෂ්මන් කිරිඇල්ලද? වෙන කවුරුහරිද? එහෙමත් නැතිනම්, ජලනි ප්‍රේමදාසද? මෙවැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික අයුරින් විසඳාගැනීමට සජබ සමත් වේද?Continue Reading

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් 2018 සැප්තැම්බරයේදී කරන ලද ඉල්ලීම ඉතාම කාලෝචිත හා ප්‍ර‍ගතිශීලී ඉල්ලීමක් ලෙස සලකමින් අගය කරන අතර එම පක්ෂයටත්, එහි විකාශනයක් වන 43 සේනාංකයටත් ඒ පිළිබඳ නැවත මතක් කරන්නෙමු. මේ සම්බන්ධ ස්ථාවරය මේ මොහොතේ 43 සේනාංකයට ඉදිරි පියවරක් තැබීම සඳහා ද වැදගත් විය හැකිය. සිංහල පමණක් මෝඩ චූන් එක ගෝඨාභය රාජපක්ෂ විසින් අවසන් කර තිබෙන සංදර්භය තුළ අනාගත දේශපාලන බලය සඳහා දෙමළ, මුස්ලිම් සහාය වැදගත් වේ.Continue Reading

Sugar fraud of Sri Lanka, cartoon by Ajith Perakum Jayasinghe

වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්‍රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ. Continue Reading

Covid-19 Funeral

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?Continue Reading

Easter Sunday attack

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ. Continue Reading