ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු තවත් වටයකින් මෙරට ජනතාවගේ බලාපොරොත්තු සුන්වීමකට වැඩිදෙයක් නොවේ. එයට මූලික හේතුව, රටේ පවත්නා ප්‍රශ්නයේ සංකීර්ණත්වයේ තරම අනුව තනි පුද්ගලයකුට දිය හැකි විසඳුමක් නැති වීමයි. විධායක ජනාධිපති පදවිය හෝ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමෙහි අසමත් බව ගෝඨාභය රාජපක්ෂ උදාහරණයෙන් නිරූපණය වේ. Continue Reading

Covid-19 Funeral

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?Continue Reading

Easter Sunday attack

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ. Continue Reading

Minister C.B. Rathnayaka

අප ඉහත දක්වන ලද බස් කොන්දොස්තරවරුන්, රියදුරන්, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නන්, දුම්රිය ආරක්ෂකයන්, නාගරික කසල ඉවත්කරන සනීපාරක්ෂක කම්කරුවන්, සෑම මට්ටමකම අනෙකුත් සනීපාරක්ෂක කම්කරුවන් වැනි අය අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් තම ජීවිත කොරෝනා වයිරස අවදානමට ලක්කරගන්නා අයයි. තවත් මෙවැනි බොහෝදෙනා සිටිද්දී මහජන මුදලින් දෙන එන්නත මුලින් තමන්ට ගසාගන්නට තරම් ලජ්ජා විරහිතකමක් දේශපාලකයන්ට තිබිණි.Continue Reading

Wimal Weerawansa

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.Continue Reading

Constituent of Sri Lanka People's Party

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.Continue Reading

myths about locally produced Sri Lankan flag

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත. Continue Reading

Thieves

වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන. Continue Reading

Gotabaya on wall

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු. Continue Reading