Sri Lanka sinking

වත්මන් පාලනය සමග ගැටෙන්නට නොගොස් ඔවුන් පොරකා උදුරාගත් රාජ්‍ය පාලන වගකීමේ රස බලන්නට හා හැදෙන්නට හෝ නැතිවන්නට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදිය යුතුය. බලය අල්ලාගැනීම තමන් විසින් ගොඩනගාගන්නා ලද මුග්ධ බලවේගයට ඔවුන් සමග ගනුදෙනු බේරාගන්නට ඉඩදිය යුතුය. අප අරගල කළ යුත්තේ හැකිතරම් ජනතාව ඒ මෝඩ පොකුරෙන් ගලවාගන්නටය. කාලය විසින් බොහෝ දේ විසඳා දෙන නිසා අප එතරම් කලබල විය යුතු නැත. Continue Reading

circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?Continue Reading

Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.Continue Reading

media cameras

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි. Continue Reading

European Union

Sri Lanka’s apparel industry accounts for 43% of the country’s total exports and generates over $ 5 billion foreign exchange. Daily FT reported in January that over 60% of exports to the EU had benefited the most through the GSP+ concession. “As of 2018 as much as 58% of all Sri Lankan exports benefit from some form of preferential access due to GSP+ and the EU remains the country’s largest export market. Since the resumption of GSP+ concessions in 2017, the value of Sri Lanka’s total exports to the EU market in 2018 recorded a growth of 5% when compared to 2017. As a result, Sri Lanka’s GSP+ utilised exports recorded a year-on-year recorded a growth of 1% in 2018.Continue Reading

presenting budget 2021

අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. Continue Reading

Gotabaya on wall

පන්සල් ගිය පමණින් ඉල්ලාගෙන දමාගත් උරචක්‍රමාලයෙන් ගැලවිය නොහැකිය. ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ගේ, විපක්ෂයේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල හා පුරවැසියන්ගේ සහයෝගය බලමුළුගන්වාගන්නට ජනාධිපතිවරයා මුලපිරිය යුතුය. යාහැකි වෙනත් මාර්ගයක් නැත. Continue Reading