Saddharathana Thero

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading

Ruwanpura Expressway

ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.Continue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.Continue Reading

ICCPR

ශ්‍රී ලංකාවේ ICCPR සම්බන්ධ ගැටලුව විසඳාගැනීමේදී සිංහල බෞද්ධයන් හා සෙසු ප්‍රජාවන් අතර සංහිඳියාව වැදගත් වන බව මගේ අදහසයි. සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය විනාශ කිරීම ඉලක්ක කරගත් දේශපාලනය විසින් සිදුවන්නේ සිංහල බෞද්ධ අන්තවාදය තව තවත් දිරිගැන්වීමයි. ඒ වෙනුවට සිංහල බෞද්ධ ජාතිකවාදයට නවීකරණය වීමට හා පරිවර්තනය වීමට අවස්ථාව ලබාදිය යුතුය. ඒ සඳහා සංයමයකින් යුතුව කටයුතු කිරීම සෑම පාර්ශ්වයකින්ම අත්‍යවශ්‍යය. Continue Reading

Ranil

මේ වන විට ආණ්ඩුව විසින් සාර්ථක ලෙස කරන ලද පරිවර්තන කීපයක් තිබේ. ඉන්ධන, විදුලිය වැනි සහනාධාර මිල රඳා පැවති භාණ්ඩ සඳහා පිරිවැය අනුව මිල ගණනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ, අස්වැසුම හා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම එවැනි වේදනාකාරී, එහෙත්, සාර්ථකව තබන ලද පියවර කීපයකි. ඒ ඔස්සේ සමාජයේ සිදුවන පරිවර්තනය විප්ලවීය එකකි. මෙම පරිවර්තන හමුවේ පැරණි තත්වයන් රැකගැනීමට යත්න දරණ ඊනියා විප්ලවවාදීන් නිරුවත් වීම ද සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය දෙයකි.Continue Reading

Wajira Abewardana

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. Continue Reading

telangana

තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.Continue Reading

to sir with love

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.Continue Reading

Aswesuma

කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.Continue Reading