Namal Rajapaksa and Limini Weerasinghe

Newsවලින් එහා ප්‍රවෘත්ති දැනගන්න අපේ ෆේස්බුක් පිටුවට එක්වන්න. මෙතන ක්ලික් කරන්න>> විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ විවාහ වී සිටින මනාලිය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තර්ජන නිසා ශ්‍රී ලංකාවෙන් ස්වයංව පිටුවහල් වී සිටින ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී යුවලකගේ සමීප ඥාතියෙකි. ඒ අතර ඇය මාධ්‍යවේදීContinue Reading

Farmer spraying pesticide in Sri Lanka

මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල වස විස නොදා කරන වගාව ගැන මේ කාලේ බොහොම සාරසුබාවට කතා කෙරෙනවා. මං අහල තියෙන හැටියට අපේ රට වස විස යොදන ගොවිතැන් කරන රටවල් අතර මුල් තැනක ඉන්නවා. එන්න එන්නම මේවායේ වැඩිවීමක් මිස අඩුවීමක් පේන්න නෑ. මහ පුරාජේරු කතා තිබුනට හරිහමන් පිළිවෙළක් ඇති බවක් පේන්න නෑ, මේContinue Reading

#HomeToBilo

මෙම ඡායාරූපයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුල මේ වන විට ඔස්ට්‍රේලියාවේත්, ජාත්‍යන්තර මාධ්‍යවලත් අවධානය දිනාගෙන තිබෙනවා. ඔවුන් දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පළා ගිය පවුලක්. පස්අවුරුද්දකට පෙර ඔස්ට්‍රේලියාවට පළා ආ කෝකිලපත්මප්‍රියා සහ නඩේසලිංගම් ලෙස හැඳින්වෙන මෙම යුවලට ඔස්ට්‍රේලියාවේදී උපන් දෙහැවිරිදි සහ සිව්හැවිරිදි දියණියන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ අයදුම්පත දැන්Continue Reading

Unic radio

පිලිප් ශාන්ත මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකටContinue Reading

Sriya Ratnakara

අජිත් පැරකුම් ජයසිංහ අපි පුංචි කාලෙ මුලින් ම කියවපු වැඩිහිටි ප්‍රකාශනය තමයි ශ්‍රී සඟරාව. ඒක කියවනකොට මා හිටියෙ තුනේ, හතරෙ පන්තිවල. අපේ ගෙදර තිබුණ ඇඳි පුටුවක වාඩිවෙලා මායි අක්කයි හරි, මායි සුරලාල් අයියයි හරි ඒකෙ තිබුණ චිත්‍රකතාව හරි, අහන්න ආසයි අපටත් කියන්න හරි කියෙව්වා. ඇතුළෙ තිබුණ කාටුන්වලටත් අපි හරි කැමතියි.Continue Reading

Hands of a Muslim Bride

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම සංශෝධනවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ සඳහා 2009 දී පත්කරන ලද කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් ය. කමිටුව අවුරුදු නවයක් පුරා විවිධ පාර්ශ්වවලින්Continue Reading

බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව පවසමින් ජනප්‍රියත්වය පසුපස හඹා යන බෞද්ධ දෘෂ්ටිවාදී කණ්ඩායමක් හා ප්‍රධාන ධාරාවේ බෞද්ධ භික්ෂූන් අතර මතවාදී ගැටුම් ඇති වී තිබේ. මෙම මතවාදය ප්‍රවර්ධනය කරන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂුවක් විසිනි. මෙම භික්ෂුව හා ඔහුගේ අනුගාමිකයන් ඓතිහාසික සාක්ෂි සියල්ල බටහිර හා ඉන්දියානු කුමන්ත්‍රණ ලෙස බැහැර කරති. මෙමContinue Reading

මතුගම වැලිපැන්නේ අලුතින් විවෘත කළ මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් සමාගමේ කර්මාන්තශාලාවේ නිපදවන SUV පෙනුමක් තිබෙන වාහනය රු. ලක්ෂ 33ක් වැනි මිළකට දේශීය වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත බව වාර්තා වෙනවා. 2016 වසරේදී මහින්ද්‍රා සමාගම විසින් හඳුන්වාදෙන ලද මෙම වාහනය KUV 100 නම් වන අතර එහි ඇත්තේ 1200 cc පෙට්‍රල් එන්ජිමක්. කියන වෙස්ල්Continue Reading

Gender based violence

අජිත් පැරකුම් ජයසිංහ (English translation here>>) බලංගොඩ මස්සැන්නේ 17 හැවිරිදි පිරිමි දරුවකු වන මලිත් ධනංජය දින කීපයකට පෙර මිය ගියේ බීමත් පියා විසින් මවට එල්ල කරන ලද උදලු මිටි පහරක් එයින් මව බේරීමට ගිය ඔහුගේ හිසට වැදීමෙනි. මෙම සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද පියා මාංචු පිටින් බන්ධනාගාරයේ සිට අවමංගල්‍ය නිවසටContinue Reading

Dr. Nethanjali Mapitigama

2018 වසරේදී අලුතෙන් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1136ක් හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදය වන අතර එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකවContinue Reading