විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) සංශෝධන: ගැඹුරු ප්රශ්නය විසදීමට ප්රමාණවත් නොවන සංශෝධනයක්
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) සංශෝධන: ගැඹුරු ප්රශ්නය විසදීමට ප්රමාණවත් නොවන සංශෝධනයක්Continue Reading
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) සංශෝධන: ගැඹුරු ප්රශ්නය විසදීමට ප්රමාණවත් නොවන සංශෝධනයක්Continue Reading
පසුගියදා නේපාලයේ සිදුවූ අතිශය විනාශකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය, හුදෙක් භූගෝලීය හෝ කාලගුණික සිදුවීමක් පමණක් නොවේ. එය මානව පැවැත්මේ යථාර්ථය සහ අප ගොඩනඟාගෙන ඇති දෘෂ්ටිවාදයන් පිළිබඳ බරපතළ දාර්ශනික කියවීමක් ඉල්ලා සිටින මොහොතකි. දින කිහිපයක් තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කත්මණ්ඩු නිම්නය ඇතුළු ප්රදේශ රැසක ජීවිත සිය ගණනක් අහිමි විය. මෙම ඛේදවාචකය පදනම් කරගනිමින්, මානව සමාජය, දේශපාලනය සහ සොබාදහම අතර ඇති සංකීර්ණ සබඳතාව පිළිබඳව අප උගත යුතු මූලික පාඩම් 7ක් ඔස්සේ මෙම ලිපිය දිගහැරේ.Continue Reading
පර්සියාවේ ප්රධාන රාජකීය විනිසුරුවරයෙකු ලෙස ‘සිසාම්නෙස්’ (Sisamnes) කටයුතු කළේය. එහෙත්, ඔහු සිය පාරිශුද්ධ වගකීම පාවා දෙමින්, අල්ලසක් ලබාගෙන අසාධාරණ ලෙස නඩු තීන්දුවක් ප්රකාශයට පත් කළේය. සිසාම්නෙස්ගේ මෙම දූෂිත ක්රියාව කැම්බිසස් රජුට දැනගන්නට ලැබුණු විට, රජු ඔහුට ලබා දුන්නේ මනුෂ්ය ඉතිහාසයේ විනිසුරුවරයෙකුට ලබා දුන් දරුණුතම සහ සංකේතාත්මකම දඬුවමයි. රජුගේ නියෝගයෙන් සිසාම්නෙස්ව වහාම අත්අඩංගුවට ගෙන, පණපිටින් සම ගසා (flayed alive) ඝාතනය කෙරිණි.
එහෙත් දඬුවම එතෙකින් නිම වූයේ නැත. ශාරීරික වධහිංසනයට එහා ගිය මනෝවිද්යාත්මක පාඩමක් සමාජයට දීමට රජුට අවශ්ය විය. ඒ අනුව, කැම්බිසස් රජු මීළඟ රාජකීය විනිසුරුවරයා ලෙස පත් කළේContinue Reading
නීතිඥ සංගමය හමුවේ ජනාධිපතිවරයා කළ කතාව ජවිපෙ බැතිමතුන් බරි වෙන්නට ද, නීතිඥවරුන් පවා මඳ පමණට ද මේ ලියන මා පවා තාවකාලිකව ද තෙත් කිරීමට සමත් වූ බව කිව යුතුය. ඒ අර ගඳ කතාව නිසාය. ශිරානි බණ්ඩාරනායක සිදුවීමේදී පවා මං නම් ඔය ජනප්රිය රැල්ල සමග සෙට් නො වුණේ ඔය ගඳ මට හැමදාම දැනෙන නිසාය.Continue Reading
ශ්රී ලංකාවේ බන්ධනාගාර තදබදය සහ අධිකරණවල වසර ගණනාවක් තිස්සේ නඩු ගොඩගැසීම අද වන විට බරපතළ ජාතික අර්බුදයක් බවට පත් ව ඇත. මෙම ගැටලුවට ලොව දියුණු ප්රජාතන්ත්රවාදී රටවල් සාර්ථකව මුහුණ දී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව සරත් මද්දුමගේ මහතා ඉතා වටිනා කරුණු දැක්වීමක් සිදු කර තිබේ.Continue Reading
තෝරාගත් සිනමාහල් කිහිපයක දැන් දිගහැරෙන ‘අභිසාරී’ සිනමා පටය, හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිය සමාජ පණිවිඩයක් රැගෙන ඒමේ අරමුණින් කරන ලද නිර්මාණයක් බව පෙනේ. එහෙත්, මෙහි නිර්මාණකරුවා ප්රේක්ෂකයාට පණිවිඩ සන්නිවේදනය කිරීමේ ඒකාකාරී උගුලෙන් ඉතා සූක්ෂ්ම ලෙස මිදී ඇත. ප්රධාන නිළිය පවසන පරිදි, මෙය ජීවිතයේ අනේකවිධ අඩුපාඩු මැද, තමන්ට හැකි උපරිමයෙන් ජීවිතය ජයගන්නට වෙහෙසෙන අසම්පූර්ණ මිනිසුන්ගේ කතාවකි. ලිංගික ශ්රමය අලළා ගෙතී ඇති, වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමා සිත්තමක් වුවද, ප්රේක්ෂකයා තුළ කාමාශාවන් අවුළුවන නිරුවත් දර්ශනවලින් මෙය නිදහස් වී තිබීම එහි ඇති සුවිශේෂී ගුණයකි.Continue Reading
ණය ගෙවීමට නොහැකි තත්ත්වයෙන් (Default) මිදීම සතුටට කරුණක් වුවද, අප මෙය අතිශයෝක්තියෙන් සමරන්නේ නම් එය මුලාවකි. ‘CCC+’ යනු රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවට දෙන සහතිකයක් නොවේ. ඉන් ජාත්යන්තරයට ලබාදෙන සංඥාව වන්නේ ශ්රී ලංකාවට ණය ලබාදීම තවමත් ඉහළ අවදානමක් සහිත (High Risk) බවයි. ආර්ථිකයේ සුළු හෝ කම්පනයක් ඇතිවුවහොත් නැවතත් අප අර්බුදයකට යාමේ ඉඩකඩක් පවතින බව අප වටහා ගත යුතුය.Continue Reading
ලංකාවේ පොදු ප්රවාහනය යනු දශක ගණනාවක් තිස්සේ ජනතාව පීඩාවට පත් කරන, විසඳුම් පෙනෙන තෙක් මානයක නොමැති බරපතළ අර්බුදයකි. බොහෝ දෙනකු සිතා සිටින්නේ මෙහි පෞද්ගලික බස් ඒකාධිකාරයක් පවතින බව යි. එහෙත් යථාර්ථය එය නොවේ. ලංකාවේ බස් කර්මාන්තය තුළ පෞද්ගලික ඒකාධිකාරයක් නොමැති අතර, බහු බස් හිමියන් රැසක් කර්මාන්තය තුළ නිරත වී සිටිති. මේ වන විට තනි බස් හිමියන්ගේ සංඛ්යාව ක්රමයෙන් අඩුවෙමින් පවතින අතර, ඊට සමගාමීව රජයට අයත් බස් සමාගම් දෙකක් ද ක්රියාත්මක වේ.Continue Reading
තමන්ට හිතවත් හෝ තමන්ට අවශ්ය පරිදි කටයුතු කරන අධිකරණ ව්යූහයක් නිර්මාණය කර ගැනීම හරහා, තෝරාගත් දේශපාලන නඩු විභාගයන් කඩිනම් කිරීමටත්, තමන්ට තර්ජනයක් විය හැකි ඇතැම් පුද්ගලයන් කඩිනමින් සිරගත කිරීමටත් ආණ්ඩුවට අවශ්ය වී තිබේ. බලය රැක ගැනීමෙන් තොරව තමන්ට කිසිවක් කරගත නොහැකි බව ඔවුහු හොඳින්ම දනිිති. ඔවුන් නිතර දෙවේලේ පුරසාරම් දොඩන ‘ප්රජාතන්ත්රවාදී මූලධර්ම’ යනු හුදෙක් බලය ලබාගැනීමට සහ එය රැකගැනීමට පමණක් භාවිතා කරන මෙවලම් පමණක් බව මෙම ක්රියාවලියෙන් මනාව ඔප්පු වේ.Continue Reading
(මෙම ලිපිය සකස් කර ඇත්තේ ‘වනැස’ (Vanesa) යූටියුබ් නාලිකාව ඔස්සේ මෑතකදී විකාශය වූ, මීගමුව බන්ධනාගාරයේ කැරැල්ලට මුහුණ දුන් රැඳවියකු වන චරිත සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් පදනම් කරගෙන ය. මෙහි ඇතුළත් තොරතුරු සඳහා වනැස යූටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය සහ ගෞරවය හිමි වේ.)Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us