Beggar's injury cartoon by Ajith Perakum Jayasinghe

පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ. දුෂ්ට අරමුණු සහිත මෙවැනි ප්‍රතිගාමී බලවේග සම්බන්ධයෙන් තවත් වචන නාස්ති කිරීම තේරුමක් නැත. තවත් විස්තර අවශ්‍ය නම් මේ ලිපි කියවන්න: පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?Continue Reading

teachers in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ගුරු වෘත්තියේ අවුරුදු 20කට වැඩි කාලයක් නියැලී කල්තබා විශ්‍රාම ගත්තෙමි. මා වෘත්තියේ යෙදී සිටින කාලයේදී ද වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයෙකි. වෘත්තීය සංගම් ඉක්මවා ගිය දේශපාලන ක්‍රියාකාරකම්වල ද නියැලුණෙමි. 2015දී මා විශ්‍රාම යන කාලය වන විට පවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා සමගි කරගැනීම ඉතා දුෂ්කර විය. ගුරුContinue Reading

Use of quarantine laws to suppress protests in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ නිරෝධායන නීති භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම හා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් රට පුරා පැනනැගී තිබේ. “මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් කොවිඩ් රෝගය පැතිර යාමේ විශාල අවදානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන පොදුContinue Reading

Thenne Gnanananda Thero

නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්‍රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. Continue Reading

Joseph Stalin

අජිත් පැරකුම් ජයසිංහ 2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස් එක තිබුණෙ. ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චන්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙContinue Reading

Basil on election day

බැසිල්ගේ වැඩසටහනට ඇත්තේ එකම අභියෝගයක් පමණි. එනම්, රාජපක්ෂ පවුලේ ආවේණික ගොබ්බකමය. බැසිල්ගේ එය අඩු ඇතැයි සිතමු. එහෙත්, රාජපක්ෂවාදී බලවේගයේ ගොන් ආතල්වලටත් යම් ඉඩක් දෙන්නට සිදුවේ. රටේ වෙන විකල්පයක් නැති නිසා එච්චර අවුලක් නැත. Continue Reading

Destroyed flower

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය. Continue Reading

predators of press freedom

දේශසීමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය විසින් පස් වසරකට වරක් පළකරනු ලබන මාධ්‍ය නිදහස සම්බන්ධ විලෝපිත රාජ්‍ය නායකයන්ගේ (predators of press freedom) ඡායාරූපයේ සිටින, මාධ්‍ය නිදහසට වැඩිම තර්ජන එල්ල කරන ලොව රාජ්‍ය නායකයන් 37 අතරට එක්වීමට මේ වන විට රට බංකොලොත්භාවයේ මුවවිටට ඇද දමා සිටින වැඩකරන අපේ විරුවා නම් විරුදාවලි ලත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2005 සිටම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විලෝපිතයකු ලෙස හැඳින්වේ.Continue Reading

Boralanda protest

“මහජන සහභාගීත්වයට එරෙහි උපායමාර්ගික නඩු” හෙවත් Strategic Lawsuits Against Public Participation (SLAPP) යනු විවේචකයින් තැතිගැන්වීම සඳහා රජය, දේශපාලකයන් හා සමාගම් විසින් භාවිතා කරන උපායක්. කීර්තිය කෙළසීම හා අපහාස කිරීම යන චෝදනා එහිදී සුලබව භාවිතා කරනවා.Continue Reading

Sri Lanka tourism

එවැනි සහන ලබාදෙන බව වරින් වර රජය නිවේදනය කරනමුත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරවල බරපතල ගැටලු තිබෙන බව ඉහත දක්වන ලද උදාහරණයෙන් පෙනේ. ණය සහන නොදීමෙන් අවසානයේ සිදුවනු ඇත්තේ මේ ණය ගෙවාගැනීමට ණයලාභීන්ට බැරි වීම නිසා ඒවා බොල්ණය බවට පත්වීමයි. මෙය සමස්ත බැංකු පද්ධතියටම බලපානු ඇත. කොවිඩ් හමුවේ මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති බව බොරුවක් නොවේ. එහෙත්, මේ අන්දමින් ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා කඩාවැටෙන්නට යන වෙනත් රටවල් අඩුය. Continue Reading