Cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. Continue Reading

Marxists

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේContinue Reading

Suppression of media

රජය ගැන පවතින අවිශ්වාසය හේතුවෙන් විශේෂයෙන්ම කටකතා වේගයෙන් පැතිර යන අතර ඒවා පතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ සමාජ මාධ්‍යයි. මාධ්‍යකරණය, නීති රීති හා ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් විසින් ව්‍යාජ පුවත්, දුස්තොරතුරු හා ද්වේෂ සහගතව නිර්මාණය කරන තොරතුරු ද වෛරී ප්‍රකාශ ද වර්තමානයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත්, ඒවාට මුවාවෙමින් රජය විසින් ගනු ලබන පියවර සීමාව ඉක්මවා යන බවක් ද පෙනේ. Continue Reading

medical education

රටේ ජනතාවට කොවිඩ්-19 එන්නත ලබාදීමටවත් පසුගිය අයවැයෙන් මුදල් වෙන් නොකළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එන්නත්කරණය නොමැතිව වැඩිහිටියන් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් ප්‍රමුඛ ජනතාව දිනපතා වැඩි වැඩියෙන් මියයමින් සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා තීරු බදු රහිත සුපිරි වාහන 227ක් ආනයනය කළේ විදේශ විනිමය පිරිමැසීමට වාහනවල සිට කහ දක්වා බොහෝ දේ ආනයනය තහනම් කර තිබියදීය. Continue Reading

Work from home

ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.Continue Reading

Mahindananda Aluthgamage

වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය. Continue Reading

අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි. ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා.Continue Reading

Nurses protest

මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි. Continue Reading

SLMA-office

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19න් මියයන රෝගීන්ගෙන් 73%ක් වයස අවුරුදු 60ට වැඩි බව ද, 83%කට වෙනත් රෝග හෝ වෛද්‍ය තත්වයන් දෙකකට වඩා ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ බව සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියකයි. Continue Reading