red roses

ඉහත සටහන් කරන ලද්දේ නිකම් සිතුවිලි ටිකක් පමණි. එය අලුතින් සිතන්නට කවුළුවක් ලෙස සලකන්න. විප්ලවීය ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන වැදගත්ම දෙය නම්, අදහස්වලට සවන්දීම හා ඒවා දෘෂ්ටිවාදී නොවන පදනමින් විශ්ලේෂණය කර සමාලෝචනය කර ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමයි. Continue Reading

housewifization

අද වැනි ජාත්‍යන්තර කාන්තා දිනයන්හිදී පවා මව්වරුන්ගේ අගය මහ ඉහළින් වර්ණනා කරන්නේ එහෙයිනි. මාතෘ භූමිකාව ඉතා වැදගත් එකකි. දරුවන් හදාවඩාගැනීමේදී පීතෘ භූමිකාව ද එතරම්ම වැදගත් වේ. මාතෘ භූමිකාව උත්කර්ෂයට නැගීම හරහා දරුවන් හදාවඩාගැනීම සම්බන්ධ පීතෘ වගකීම් එතරම් වැදගත් නොවන බවට අදහසක් ද ස්ථාපිත කරනු ලැබේ. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී ගිය මැදිවියේ කාන්තාවක වටා ගොඩනැගෙන සිදුවීම් මාලාවක් ඔස්සේ එම කාන්තාව තමන් කවුරුදැයි ගවේෂණය කරගන්නීය. තතාවේ අගභාගයට ළඟාවනවිට හෙළිදරව් වන්නේ එම කාන්තාවට අතීතය අමතක වීම හුදෙක්ම ඇගේ කතාව කීම සඳහා කතුවරියContinue Reading

greedy

පාරිභෝජනවාදය විසින් කරන්නේ මිනිසා පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කරන, තේරුමක්, වගකීමක් නැති, ආත්මාර්ථකාමී මෝඩයකු බවට පත් කිරීමයි. එවැන්නන් පරිභෝජනය කරන්නේ තමන්ට අවශ්‍ය නිසාම නොව, සමාජයේ පවතින පරිභෝජනවාදී රැලි නිසාය. පාරිභෝජනවාදය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නොවේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබේ. පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ. පාරිභෝජනවාදය පුද්ගලවාදීය. සමාජවාදය සමානාත්මතාවාදයකි. සමාජවාදී සමාජයක පුරවැසියා බුද්ධිමත් පාරිභෝගිකයෙකි. Continue Reading

Ariyawansa Abesekara

ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. Continue Reading

principals of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, ඔවුන්ගෙ කාර්යාල සුවපහසු අන්දමින් පවත්වාගන්න වගේ දේවලට වැයවන අතිවිශාල මහජන මුදලත් එක්ක බැලුවොත්, රජයේ ආදායමෙන් 90%ක් විතරContinue Reading

Diyawanna oya

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය ආර්ථික අර්බුදයකට සීමාකර දකින්නට බොහෝදෙනෙකු කැමති බවක් දක්නට ලැබේ. එහෙත්, එය ආර්ථික අර්බුදය නිසා කැපීපෙනෙන දරුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අර්බුදයකි. මා එසේ කියන්නේ ඇයි?Continue Reading

Sunil Madhawa Premathilaka

මා සුනිල් මාධව සමග අරක්කු බී තබා හමුවී හෝ නැති බව කියන්නේ ආඩම්බරයෙනි. සුනිල් මාධව වැනි මිනිසුන් සමාජයේ මතක සිටිය යුත්තේ ලේඛකයන් ලෙසය. එහෙත්, දේශපාලනික මඩගොහොරුවක ගිලීම නිසා සුනිල් මාධව ප්‍රේමතිලක නම් ලේඛකයා පූර්ණත්වයට පත්වූයේ නැත. වෙනත් අය සුනිල්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙනීම වැදගත්ය. තමන්ගේ යුගය අවසන් වන්නට පෙර පුද්ගලයන් හැකියාවන්ගේ පූර්ණත්වයට පත්විය යුතුය. සුනිල් මාධව වැනි අය වෙනුවෙන් අපට පළ කළ හැකි හොඳම ගෞරවාචාරය එයයි. Continue Reading

Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.Continue Reading

Alborada-Rithika

අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට. මේContinue Reading