Sajith Playing drums

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය. Continue Reading

trade unions - old photo

මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති නොවන කටයුතු සඳහා ඔවුන් මෙම වරප්‍රසාදය පාවිච්චි කරනවා. එය වංචාවක්.Continue Reading

Maharagama UC Chairman

පළාත් පාලන මැතිවරණවල මූලික අරමුණ ගම් මට්ටමේ නායකයන්ට පළාත් පාලනය හරහා දේශපාලනයට සම්බන්ධ වීම සඳහා දොරටු විවෘත කර දීමයි. එය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන මෙවලමකි. දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ කොට්ඨාස කුඩා නිසා එම කොට්ඨාසවල සැබෑ නායකයන්ට මැතිවරණ හරහා සභාවට තේරී පත්වීම පහසුය. පළාත් පාලන මැතිවරණ ජාතික මට්ටමේ දේශපාලනයට නතු කිරීම මගින් රටට සිදුවන සේවයක් නැත. එපමණක් නොව, එය ප්‍රතිගාමී කාර්යයකි. මෙම ප්‍රතිගාමී කාර්යය හොඳින්ම කළේ 2018දී මහින්ද රාජපක්ෂගේ නායකත්වය විසිනි. මහින්දට ඡන්දය ඉල්ලා කරන ලද කැම්පේන් මගින් මහරගම, තිරප්පනේ වැනි පළාත් පාලන ආයතනවල ප්‍රතික්ෂේපිත පොහොට්ටු නාම යෝජනා වෙනුවට ස්වාධීන කණ්ඩායම්වල කිසිවකු නොදන්නා අප්‍රකට පුද්ගලයන්ට පවා ඡන්දය ලැබිණි. ඒ අනුව, ස්වාධීන කණ්ඩායම 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් මහරගම නගර සභාවට පත්වූහ. මේ වතාවේ මේ විකෘතිය කරන්නට හදන්නේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ බහුජන අංශයයි. Continue Reading

pirates

සිදුවන ක්‍රම වෙනසට එරෙහිව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල ධනය ද සොරකම් කළ ඒවාය. ඒවා ඉපයූ ආකාරය පෙන්වීමට එම පක්ෂවලට නොහැකිය. ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය.Continue Reading

portable toilet

ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය.Continue Reading

middle class and taxes

ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට මඳක් වැඩි ආදායම් ඇති සැමගෙන් බදු අය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඉහත කී සංදර්භය තුළයි. නැතිනම්, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ගොඩනැගෙන්නේ නැත.Continue Reading

1948 Lankadeepa

හැරී අබේගුණවර්ධන ඉපදුනේ 1917දී වන අතර ඔහුගේ සැබෑ නම හෙන්රි ඩයස් අබේගුණවර්ධනයි. 1ඔහු 1948-1949 සමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුර වන ප්‍රධාන ලේකම් තනතුරට ද පත්විය. සිංහල, ඉංගී්‍රසි, පාලි, සංස්කෘත හා ලතින් භාෂා පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ හැරී අබේගුණවර්ධනගේ නායකත්වයෙන් කම්කරු අරගල ගණනාවක් එම වකවානුව තුළ දියත් විය. මින් ‘ගස්නාව අරගලය’ කම්කරු පන්ති ඉතිහාසයට එක්වූ ප්‍රචණ්ඩ අරගලයක් ලෙස සැලකේ. නෙලුන්දෙනියේ ගස්නාව වත්තේ පැවැති වැඩවර්ජනය කෙළවර වූයේ එම වත්ත වතු කම්කරුවන්ගේ පාලනයට ගනිමිනි.Continue Reading

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් විය හැකිය. Continue Reading

Vimal-Rohitha-Mahindananda

ඇත්තම කිව්වොත්, ජාතික ප්‍රශ්නය හෝ ජාතීන්ගේ ප්‍රශ්නය කියන එක දැන් විසඳුවොත් සිදුවන්නේ මළ කෙළියකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් නොදීම මත පදනම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වටා නිර්මාණය වූ විශාල වෘත්තික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති බිස්නස් ජාලයක් එයින් බිඳවැටේ. කොටින්ම ඔය ගැන යාතිකා කියන්නට, පොල් ගහන්නට අවුරුදු පතා ජිනීවා යන වන්දනා ගමනට මොකක් වේද? එපමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ අරමුදල් සම්පාදනයේ සිට දේශපාලන රැකවරණ දක්වා තවත් ව්‍යාපාර රැසක් මෙමගින් අර්බුදයට පත්වේ. එසේම, තමිල්නාඩුවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඡන්දවලදී කතා පවත්වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් නැති වේ. එසේම කොටි ආපහු නැගිටින්නට ඉඩ තියෙන අවදානම නැති වී යුද්ධයක සේයාව නැතුව ලංකාවට මාර පාළුවක් දැනෙනු ඇත. හාමුදුරුවන්ට රට ජාතිය ආගම නැතුව බණ කියන්නට සිදුවී අන්තිමට බණ බුදුන් වදාළ ධර්මයට සීමා වී බෝරිං ද වනු ඇත. Continue Reading

Galleface protest

ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ. Continue Reading