Papaoutai

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල (විශේෂයෙන්ම ටික්ටොක් ඇතුළු වේදිකාවල ජනප්‍රිය වූ Afro Soul සංගීත මුසුව හරහා) අතිශය ජනප්‍රිය වූ ප්‍රංශ ගීතයක් ලෙස ස්ට්‍රෝමේ (Stromae) විසින් ගායනා කරන ‘Papaoutai’ හැඳින්විය හැකිය. බැලූ බැල්මට මෙය නර්තනයට සුදුසු, වේගවත් රිද්මයක් සහිත විනෝදාත්මක ගීතයක් සේ පෙනුණද, එහි පද මාලාව තුළ ගැබ්ව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ඛේදනීය සහ ගැඹුරු සමාජීය කතිකාවකි.Continue Reading

house of fashions

ඉන්වොයිස් වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවට අපට කිසිදු විවාදයක් නැත. එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූලික පරමාර්ථය විය යුත්තේ නිසි විමර්ශනයක් හරහා රටට අහිමි වූ බදු මුදල් සහ ප්‍රාග්ධනය යළි අය කර ගැනීම මිස, පුද්ගලයන් රිමාන්ඩ් කූඩුවල සිර කරමින්, වධහිංසනයට සහ අසීමිත මානසික/ශාරීරික පීඩාවන්ට ලක් කිරීමේ ‘පොලිස් මානසිකත්වයක්’ රේගුව හරහා මුදා හැරීම නොවේ.Continue Reading

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ලබා දෙන්නේ ලංකාවේ රාජ්‍යයට දරා ගත හැකි ප්‍රමාණයට බවත්, එය මදි නම්, රාජ්‍ය සේවයට නො පැමිණිය යුතු බවත් පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබිණි. මෙය රාජ්‍ය සේවකයන්ටත්, වෘත්තීය සමිතිවලටත් කියන්නට බොහෝ දේශපාලකයෝ බිය වෙති. මන්ද, රජයෙන් යැපෙන මෙම මධ්‍යම පන්තිය ලංකාවේ දේශපාලන පන්තිය වීමය. මහජන මතය හසුරුවන්නේ ඔවුහුය.Continue Reading