රටකට අනාගතය කරා ගමන් කළ හැක්කේ අතීත වැරදිවලට දඬුවම් කර හෝ සමාව දී හෝ නිවැරදි කරගෙන ඉදිරියට යාමෙනි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දිය යුත්තේ හුදෙක් දේශපාලනිකවම නොවේ. සමාජමය මානුෂිකත්වයකිනි.Continue Reading

මං හිතන්නෙ මේක මේ අලුත් පරම්පරාවල දැනටමත් මුල් බැසගෙන තියෙන අදහසක්. මේක මට අපේ ළමයින්ගෙනුත් දැනිලා තියෙනවා.

අපේ පරම්පරාවල මව්පියන් හිතුවේ, හැසිරුණේ ඒ අය අපව ලෝකයට ජනිත කිරීමෙන් කර තිබෙන්නේ මාර වැඩක්ය කියාය. ඒ නිසා අප ඔවුන්ට ණයයි කියාය. ඒ නිසා අපි අද මේ මොහොතේත් අපේ දැන් වයෝවෘද්ධ මව්පියන්ට උපස්ථාන කරන්නෙමු. (මේ දවස්වල මගේ බිරිඳගේ 94 හැවිරිදි පියා අපේ ගෙදරය.)Continue Reading

1983 ජූලි මාසයේ ඇති වූ වාර්ගික සංහාරයේදී, දෙමළ ජනතාවගේ නිවාස හඳුනාගෙන පහර දීම සඳහා මැතිවරණ නාමලේඛන භාවිත කර ඇති බව මෑතකදී ප්‍රකාශ විය. නම, ලිපිනය මෙන්ම උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවා සොයා ගත හැකි ජාතික හැඳුනුම්පත් අංකය වැනි ‘පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු’ (Personally Identifiable Information, PII) විශාල ප්‍රමාණයක් මැතිවරණ නාමලේඛනවල අන්තර්ගත වේ. මෙම තොරතුරු රැස් කරන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණි (ඡන්ද මධ්‍යස්ථානවල සේවය කරන දහස් ගණන් රාජ්‍ය නිලධාරීහු මෙහි ප්‍රධාන පරිශීලකයෝ වෙති). එහෙත්, වෙනත් බොහෝ පිරිසකට ද මෙම නාමලේඛනවල පිටපත් ලබා ගැනීමට හැකියාව ඇත.Continue Reading

Song Copyrights

නිර්මාණකරුවාගේ ශ්‍රමය සහ ආර්ථික අයිතිය අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතුය. එහෙත්, භාෂාව, ඉතිහාසය සහ ජන මතකය කිසිදු තනි පුද්ගලයකුට අයිති කර ගැනීමට ඉඩ නොදී නිදහස්ව තබා ගැනීමෙන් පමණක් සැබෑ කලාත්මක නිදහස ආරක්ෂා කර ගත හැකිය. අප අද අසන ප්‍රශ්නය විය යුත්තේ “මෙම කෘතිය කාගේ ද?” යන්න පමණක් නොවේ; “මෙම කෘතිය සහ එහි සංස්කෘතික අගය අප අනාගත පරපුර කරා රැගෙන යන්නේ කෙසේ ද?” යන්නයි. නිර්මාණශීලීත්වය ආරක්ෂා කිරීමට නම්, අප සංස්කෘතිය නිදහස්ව තබා ගත යුතුය.Continue Reading

President Anura at May Day rally

මෙම බල තණ්හාවේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, තෝරාගෙන කරන නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුළුමනින්ම නීතියට අනුකූල නොවන විමර්ශන හරහා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමයි. අධිකරණ ක්‍රියාමාර්ග සහ පොලිස් බලය සිය දේශපාලන ව්‍යාපෘතියේ අතකොළු බවට පත් කරගනිමින් ඔවුහු ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් වෙත යොමු වෙමින් සිටිති. ඔවුන්ට ඒ හැර වෙනත් විකල්පයක් ද නැත. මන්ද, බොරු පොරොන්දු මත ගොඩනැගූ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සන්දර්භයක් තුළ, සාධාරණ හා විවෘත මැතිවරණවලින් නැවත ජය ගැනීම ඔවුන්ට පහසු නොවන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි. දශක ගණනාවක් පුරා විප්ලවය ගැන කතා කළ ජවිපෙ අද වන විට පැරණි ක්‍රමයේම අතිශය විකෘති වූ සහ භයානක දිගුවක් බවට පත්ව ඇත්තේ එලෙසිනි.Continue Reading

තම නැගෙනහිර-බටහිර නළ මාර්ගයට (East-West Pipeline) සිදු වූ හානියක් හේතුවෙන් සෞදි අරාබිය තෙල් අපනයනය නතර කර ඇත. මෙය පිළිසකර කිරීමට මාසයකට වඩා වැඩි කාලයක් ගත වනු ඇත. බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ (Bab el-Mandeb Strait) පාලනය පවතින්නේ ඉරාන හිතවාදී යේමන බලවේග අතය. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා යාත්‍රා කිරීමට උත්සාහ කරන නැව්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන්, එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් පළමු සතිය දක්වා හෝ ලෝක තෙල් සැපයුම, විශේෂයෙන්ම ආසියානු කලාපය සඳහා වන තෙල් සැපයුම තවදුරටත් සීමා වනු ඇත. එමෙන්ම තෙල් මිල ද ඉහළ මට්ටමක පවතිනු ඇත.Continue Reading

1957 floods in Ceylon

ගංවතුර ගැන එවක ගල්ඔය ව්‍යාපාරයේ සේවය කළ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ සිය “ගුවනින් ගිය ගොඩයා” කෘතියේ විස්තර කොට ඇති අතර, එම පරිච්ඡේදය පාසල්වල සිංහල පෙළපොතෙහි පරිච්ඡේදයක් ලෙස එක්කොට ඇත්තේ, එහි ඓතිහාසික බව සලකා විය යුතුය.Continue Reading

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ දත්තවලට අනුව, පාරිභෝගිකයෙකු එක් බිත්තරයක් මිල දී ගැනීමේදී රුපියල් 11ක මුදලක් ද, කුකුල් මස් කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමේදී රුපියල් 310ක මුදලක් ද රජයට බදු ලෙස ගෙවීමට සිදුව තිබේ. මෙම වක්‍ර බදුකරණය නිෂ්පාදන මට්ටමෙන් නතර වන්නේ නැත. සාමාන්‍ය සිල්ලර කඩයකින් හෝ සුපිරි වෙළඳසැලකින් පාරිභෝගිකයා තම දෛනික ආහාර ද්‍රව්‍ය (උදාහරණයක් ලෙස නැවුම් එළවළු, මාළු, බේකරි නිෂ්පාදන හෝ මස් වර්ග) මිල දී ගෙන පිටවීමේදී, එකී සිල්ලර වෙළඳසැල් මට්ටමේ බදු ද මේ මත නැවත වරක් එකතු වේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ බිත්තරයක සහ කුකුල් මස් කිලෝවක සමස්ත මිලෙන් තුනෙන් පංගුවක්ම (1/3) රජයේ බදු ලෙස අය කෙරීමයි.Continue Reading

cyber terrorism

කල්මුණේ ප්‍රදේශයේ සිට සෞදි අරාබියට ගොස් සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඉස්ලාම් ආගමට අපහාස වන පරිදි සමාජ මාධ්‍යයේ පළ කළ කමෙන්ටුවක් කවුරුන් හෝ විසින් සෞදි බලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම නියම වීමේ සිදුවීම, දේශසීමා හරහා සිදුවන සයිබර් අපරාධ සහ ගෝලීය ඩිජිටල් ආරක්ෂාවේ සංකීර්ණතා මැනවින් පෙන්නුම් කරයි. විදේශයන්හිදී නීත්‍යානුකූලව අන්තර්ජාලයේ හැසිරෙන ආකාරය සහ විදේශීය අධිකරණ බලප්‍රදේශවල සිටින පුද්ගලයන් කරන සයිබර් අපරාධ වාර්තා කරන ආකාරය පිළිබඳව විස්තරයක් පහත දැක්වේ. එය විශේෂයෙන් මාධ්‍ය පුහුණුවක් නොමැති පරිශීලක අන්තර්ගත නිර්මාණකරුවන්ට (user-generator) වැදගත් වේ.Continue Reading

කාලයක් තිස්සේ මම ද නිරාගමික මතවාදයක එල්බගෙන, සිංහල බෞද්ධ රාජ්‍ය මූලිකත්වයට විරුද්ධව 100%ක්ම පෙනී සිටිමින් අරගල කළෙමි. එහෙත් කාලය සහ අත්දැකීම් විසින් ලබා දුන් දේශපාලනික සහ ආධ්‍යාත්මික පරිණතභාවය හමුවේ අද වන විට මම බුදු දහමට විශේෂ ගෞරවයක් දක්වමින් පෞද්ගලික විශ්වාසයක කටයුතු කරමි. එදා මා පෙනී සිටි අරමුණ සමාජ දේශපාලනික තලයේදී පරාජය වූ බව පිළිගැනීමට තරම් මම නිහතමානී වෙමි.Continue Reading